ගෝඨාගේ මාධ්‍ය ප්‍රකාශන අයිතිය ඩලස් හා කෙහෙළිය ට පමණයි

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ එකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප‍්‍රකාශකවරු වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්වන ඩලස් අලහප්පෙරුම සහ කෙහෙළිය රඹුල්වැල්ල යන මහත්වරුන් පත්කර ඇත.

මේ දක්වා ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පුද්ගලයින් ගණනාවක් මාධ්‍යහමු පවත්වා තිබූ අතර ඇතැම් අය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන් නොවන අය ය. ඒ අතරින් විමල් වීරවංශ මහතා ප්‍රධාන තැනක් ගනී. මේ අනුව මින් ඉදිරියට ඩලස්ට හා කෙහෙළියට හැර විමල් වීරවංශ මහතාට හෝ අනෙක් අයට ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් මාධ්‍යහමු පැවැත්විය නොහැක.

විමල් වීරවංශ මහතා මෙන්ම ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන් නොවෙති.

මෙය ගෝඨා විමල් ගැටුමේ තවත් අවස්ථාවක් යයි දේශපාලන ආරංචි මාර්ග පවසයි. විමල් වීරවංශ මහතා  මිනිසුන්ගේ හැඟීම්වලට කතා කළ හැකි දක්ෂ කථිකයෙක් වන අතර රාජපක්ෂ සොහොයුරන් අතරින් ජනතාවට සමීප විය හැකි අයුරිකතා කිරීමට නොහැකි පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂය ය.‍ මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ සහ ඉදිරිපත්වන බව සඳහන් කථිකයන් අතරද කථිකත්වය අතින් ‍ගෝඨාභයට හිමිවන්නේ අක්තිම ස්ථානයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *