අයවැයට විරුද්දව චන්දය දෙන්න මහින්ද පිල ජනාධිපතිගේ අවසර ඉල්ලන්න යයි !

පොදු විපක්ෂය ලෙස හදුන්වගන්නා ඒ ජ නි ස මහින්දවදී කණ්ඩායම මෙම අයවැය ලේඛනයට විරුද්දව චන්දය දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් විශේස අවසරයක් ලබා ගැනීමට උත්සාහ දරමින් සිටින බව වාර්තා වෙයි . සන්ධාන මන්ත්‍රී කණ්ඩායමේ සදුදා රැස්වීමේදී අයවැයට පක්ෂව චන්දය දීමට තීරණය කොට ඇති අතර මහින්ද පිලේ උදවිය ඉන් පසුව ඉල්ලා ඇත්තේ තම කණ්ඩායමට ජනාධිපති තුමා සමග විශේෂ සාකච්චාවක් අවශ්‍ය බවයි . එවැනි සාකච්චාවක් දැන්ම ලබාදිය නොහැකි බවත් , තම විදේශ සංචාරයෙන් පසුව එය ලබාදිය හැකි බවත් ජනාධිපතිතුමා ප්‍රකාශ කොට ඇත .

මෙලෙස මෙම කණ්ඩායම ජනාධිපතිතුමා හමුවන්නට යන්නේ අයවැයට එරෙහිව චන්දය දීමට අවසර ලබාගැනීමේ උත්සාහයක් සදහා බව අපගේ ආරංචි මාර්ග කියයි .

මේ අතර තවත් වාර්තාවකින් දැනගන්නට ලැබුනේ මෙම කණ්ඩායමේ ප්‍රබලයින් සතර දෙනකු යවාදී ආණ්ඩුව පැත්තට කරණමක් ගැසීමට සුදානම් වන බවයි . ඒ සදහා කළ සාකච්චා සාර්ථක වී ඇති බවත් කැබිනට් ඇමැති තනතුරක් ඇතුළු ඇමැති තනතුරු තුනක් මෙම පිරිසට වෙනකොට ඇති බවද වාර්තා වීය .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *