අධ්‍යාපනයට වැඩියෙන්ම මුදල් වියදම් කළේ මම අගමැති වෙලා හිටපු ආණ්ඩුවෙන් – වයඹ විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨය විවෘත කිරීමෙන් අනතුරුව අගමැති කියයි.

මෙරට ඉතිහාසයේ නිදහස් සෞඛ්‍ය සහ නිදහස් අධ්‍යාපනය වැඩි දියුණු කිරීම වෙනුවෙන් වැඩිම මුදල් ප්‍රමාණයක් වෙන් කරනු ලැබුවේ වත්මන් ආණ්ඩුව බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි. 

ඒ, වයඹ විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨය විවෘත කිරීමේ අවස්ථාවේදීයි. 
  
කුලියාපිටිය ලබුයාය ප්‍රදේශයේ ඉදිකළ වයඹ විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (31) විවෘත කරනු ලැබුවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

“අද මේ තත්ත්වයේ ඉන්නේ නිදහස් අධ්‍යාපනය නිසා. හැම ක්ෂේත්‍රයකම ජයග්‍රහණ අත්පත් කරගත්තා.

අගමැති විදිහට මම ආඩම්බර වෙනවා. අධ්‍යාපනයට වැඩිම මුදල් වෙන්කළේ මේ ආණ්ඩුව.

විශ්වවිද්‍යාල පීඨ 11ක් විවෘත කළා. වෛද්‍ය පීඨ 02ක් විවෘත කළා.

වවුනියාව විශ්වවිද්‍යාලය විවෘත කරනවා.මේ වාර්තාව කාටවත් කඩන්න බැහැ”

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *