අපි ගස් ගල් යට සිසුන් තියලා උගන්වන්න වෛද්‍ය පීඨ හදන්නේ නෑ-රාජිත

උසස් අධ්‍යාපන සිසුන්ට නිවාස සංකීර්ණ 100ක් ගොඩනගන බවට අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

කුලියාපිටිය මූලික රෝහල ශික්ෂණ රෝහලක් ලෙස සංවර්ධනය කිරීමේ අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව සඳන් කළේය.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

“පසුගිය රජයෙන් රජරට වෛද්‍ය පීඨයක් හැදුවා අනුරාධපුර රෝහල එහෙමම තිබිය දීම. මෙහෙම වියදම් කළේ නැහැ. වෛද්‍ය පීඨයකට අවශ්‍ය සියලු පහසුකම් අපි ගොඩනගනවා. 

අපි ගස් ගල් යට සිසුන් තියලා උගන්වන්න වෛද්‍ය පීඨ හදන්නේ නැහැ. අර රජරට හැදුවා වගේ. මේ වනවිට ශිෂ්‍යයින්ට අලුතෙන් පීඨ 23 ක් හදලා තිබෙනවා.ඒකෙන් 03 ක් වෛද්‍ය පීඨ. 

අනෙක් 12 ක් තාක්ෂණික පීඨ. නිකන් උගන්වන ඒවා නොවෙයි. උසස් අධ්‍යාපන සිසුන්ට නිවාස සංකීර්ණ 100 ක් ගොඩනගනවා. ඉන් එක් නිවාස සංකීර්ණයක සිසුන් 400 කට එකවර නේවාසික පහසුකම් ලබාදිමටයි අප රජය සැළසුම් කරමින් සිටින්නේ. 

සිසුන් 40000කට නිවාස හැදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි. ඉන් සෑම සිසුවෙකුටම නේවාසිකාගාර පහසුකම් හිමිවෙනවා. මහපොල ශිෂ්‍යත්වය 2500 සිට අපි 5000 දක්වා වැඩි කළා. 

විශ්වවිද්‍යාවලවලට ගන්න ප්‍රමාණය 6000 වැඩි කරලා තිබෙනවා. මේ ආකාරයෙන් සෑම දිස්ත්‍රික්කයකම දැවැන්ත රෝහලක් ඉදිවෙනවා. සියලුම නවීන උපකරණ මෙම ශික්ෂණ රෝහල සදහා ද ලබාදෙනවා. ගිය ආණ්ඩුවට වඩා 09 ගුණයක් පිළිකා රෝගීන් සදහා වැය කරනවා. නොමිලේ ස්ටෙන්ට්, අක්ෂී කාච, අපි ලබාදෙනවා.”

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *