අවන්ගාඩ් ව්‍යාපාර ඉන්දියානුවෝ අල්ලති !

විවිධ චෝදනාවන්ට ලක්වී පරීක්ෂාවට ලක්වී සිටින අවන්ගාඩ් මුහුදු ආරක්ෂක සමගම කරගෙන ගිය ශී මාෂල් වරුන් සැපයීමේ ව්‍යාපාරයේ විශාල කොටසක් මේ වනවිට ඉන්දිඅනු සමාගම් කිහිපයක් මගින් අල්ලාගෙන ඇති බව තතු දත් ආරංචි මාර්ග කියයි . මීට පෙර මෙම ව්‍යාපාරයේ කැපී පෙනෙන ලෙස නොසිටි ඉන්දියානු සමාගම් මගින් මේ වනවිට ශී මාෂල් වරුන් 800ක් පමණ සේවයේ යොදවා ඇති බව කියති . මෙම වර්ධනය සිදුවී ඇත්තේ පසුගිය මාස හත අටක කාලයේදීය .

මේ අතර අවන්ගාඩ් සමාගමෙන් යොදවා ඇති ශි මාෂල් වරුන්ගේ සංඛ්‍යාව මේ වනවිට 60ක් පමණ දක්වා පහත වැටි ඇති බව දැනගන්නට ඇත. මේ නිසා සමාගමේ සේවක සංඛ්‍යාව අඩුකොට විශාල පිරිසකගේ සේවය අවසන් කොට ඇති බවද වාර්තා වෙයි .

අවන්ගාඩ් ව්‍යාපාර නාවික හමුදාවට භාරදුන්බව ප්‍රකාශ වුවද ෂි මාෂල් වරුන් සැපයීමට නාවික හමුදාව කටයුතු කොට නැති බවද කියති .සුළු වසයෙන් වුවද එම කටයුතු තවමත් කරන්නේ අවන් ගාඩ් සමගම විසින් බව වාර්තා වෙයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *