රනිල් – සජිත් මහ රෑ හමුවෙති ! – අපේක්ෂක තේරීම මැතිවරණය කැදවීමෙන් පසුවයි

එජාප නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එජාප නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (30) රාත්‍රී පවත්වා තිබෙනවා. ඒ අරලියගහ මන්දිරයේදීය.

මෙම සාකච්ඡාව සඳහා රාජිත සේනාරත්න සහ හර්ෂ ද සිල්වා යන අමාත්‍යවරුන් ද සහභාගි වී තිබේ.

හර්ෂ ද සිල්වා මහතා පවසන්නේ රනිල්-සජිත් සාකච්ඡාව ඉතා සුහදව හා විවෘතව පැවති බවයි. පවතින අර්බුදය හා ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ධනාත්මක සාකච්ඡාවක් සිදු වූ බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීම එජාප ව්‍යවස්ථාව අනුව සිදුකළ යුතු බව මෙහිදී අග්‍රාමාත්‍යවරයා සජිත් ප්‍රේමදාස මහතා වෙත දැනුම් දී තිබේ. ඒ අනුව අපේක්ෂකයා තෝරා ගැනීම සිදුවන්නේ මැතිවරණ කොමිසම විසින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව බව ද ඔහු සජිත් ප්‍රේමදාස මහතා වෙත අවධාරණය කර තිබේ.

මීට පෙර එජාප නීති ලේකම් නිශ්ශංක නානායක්කාර මහතාද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ පක්ෂ ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති ප්‍රතිපාදන අනුව පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තෝරා ගන්නා බවයි.

UN

LNW

Leave a Reply

Your email address will not be published. Required fields are marked *