රනිල් පිලේ ප්‍රහාරයෙන් ඇද වැටුණු සජිත් පිල ගොඩගන්න ජනාධිපති වැඩට බසී

සති ගණනාවක් තිස්සේ සජිත් පිල එල්ල කළ ප්‍රහාර ඉවසා සිට රනිල් පිල එල්ල කළ දැඩි ප්‍රහාරය හමුවේ බරපතළ පසුබෑමකට ලක්ව සිටින සජිත් පිල ගොඩ ගැනීම සඳහා ජනාධිපතිවරයා මැදිහත් වී සිටී. දැනටමත් පරීක්ෂණ අවසන්කර ඇති බැඳුම්කර ප්‍රශ්නය ගැන යළි සාකච්ඡාවක් කැඳවා ප්‍රවෘත්තියක් නිර්මාණය කළේ සජිත් පිළට ඒල්ල වී ඇති ප්‍රහාර ආපසු හැරවීමේ උත්සාහයක් ලෙසටය.

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා දැඩි ලෙස කෝප වී ඇත්තේ බැඳුම්කර ප්‍රශ්නයට රනිල්ගේ හෝ එජාපයේ සම්බන්ධයක් නැතැයි ද ඔවුන්ට එම මුදල් ලැබී නැතැයි ද ජනාධිපති කොමිසම තීරණය කොට තිබියදී කෝටි හත හමාරක මුදලක් රනිල්ට ලැබුණු බවට සජිත් පාර්ශ්වය ටිරාන් අලස්ගේ ‘මව්බිම’ හා කිලි මහරාජාගේ ‘සිරස’ අල්ලාගෙන බොරු ප්‍රවෘත්තියක් ප්‍රචාරය කිරීම නිසා බව කියති. ඒ අනුව රනිල් පාර්ශවයේ ප්‍රතිප්‍රහාර ලෙස සජිත් පාර්ශවයේ උදවියගේ සොරකම්, බාර් ලයිසන් හා වෙනත් අපචාර ක්‍රියා පිළිබඳ හෙළිදරව්වක් සමාජ මාධ්‍ය හරහා සිදු කෙරුණි.

ඒම ප්‍රහාරයත් සමඟ සජිත් පිළ බරපතළ පසුබෑමකට ලක්ව ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි. සිරිකොත වැටලීම, මාරාන්තික උපවාස ගැන කතා ද නවතා දමා ඇත.

මේ තත්ත්වය යටතේ සජිත් ප්‍රේමදාස මහතා කළ ඉල්ලීමක් අනුව බැඳුම්කර ප්‍රශ්නය යළි මතුකර ගන්නට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා උත්සාහ කළේය. කෙසේ වෙතත් ඒ සඳහා පැවැති රැස්වීමේ දී නිලධාරින් ප්‍රකාශ කෙට ඇත්තේ වත්මන් ආණ්ඩුව කාලයේ සිදුව ඇතැයි හෙළි වු වංචා ගැන පරීක්ෂණ අවසන් කොට නඩු පැවරීමට කටයුතු කොට ඇති බවයි. දැනට පරීක්ෂණ කෙරෙන්නේ මහින්ද රාජපක්ෂ පාලන සමයේ අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකුවේ අධිපතිව සිටියදී සිදු වු වංචා පිළිබඳවය.

බැඳුම්කර පරීක්ෂණවලට දේශපාලඥයන් ඇඳා ගැනීමට ජනාධිපති දැරූ උත්සාහය සාර්ථක වී නැත. ජනාධිපති කියන ඔනෑ දෙයක් කිරීමට සූදානම් බව පෙනෙන නීතිපතිතුමාගෙන් ද යහපත් ප්‍රතිචාරයක් ලැබී නැත.

සජිත් ප්‍රේමදාස මහතා යොදාගෙන ඒජාප ය භේද කිරීමේ ජනාධිපතිතුමාගේ උත්සාහය මේ වනවිට සාර්ථක වී ඇතත් දැන් පෙනෙන්නට තිබෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන අනාගතය මෙයින් අඳුරු වී අවසන් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *