මීරිගම කුරුණෑගල අධිවේගී ගමන නොවැම්බරයේ සිට

කොළඹ නුවර අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වාහන ගමනාගමනය ලබන නොවැම්බර් මාසයේ සිට ආරම්භ කළ හැකිවන බව වාර්තාවෙයි.

දේශීය කොන්ත්‍රාත් කරුවන් 16 දෙනෙකුගේ අධීක්ෂණය යටතේ මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරීගම සිට කුරුණෑගල දක්වා දිවෙන ව්‍යපෘතියේ දෙවන අදියර නොවැම්බර් මස අවසන් වීමට පෙර අවසන් කරන බැව් ව්‍යාපෘති අධ්‍යක්ෂ වී. මොහාන් මහතා පවසයි.

2017 ජනවාරි මස ආරම්භ කළ මෙම දෑවැන්ත ව්‍යපෘතියට පවරා ගත් සියලුම ඉඩකඩම් වල සහ ගොඩනැගිලිවල හිමිකරුවන්ට අසාධාරණයක් නොවන පරිදි සියලුම වන්දි මුදල් මේ වන විට ගෙවා අවසන් කොට ඇත.

කොළඹ සිට මහනුවර කේන්ද්‍ර කොට ගෙන නැවත කුරුණෑගල හරහා දඹුල්ල නගරය වෙත ගමනා ගමන පහසුකම් දියුණු කිරීම ඉලක්ක කොට ගෙන දියර 4ක් යටතේ ක්‍රියාත්මක වෙන මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන බස් නැවතුම් පොළ වශයෙන් තොරාගෙන තිබෙන කුරුණෑගල ගැට්ටුවාන දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිට අංග සම්පූර්ණ බස් නැවතුම්පොළේ ද වැඩ අවසන් වෙමින් පවතී.

රජයට පවරාගත් ඉඩම් සහ ගොඩනැගිලිවලට මේ වන විට රුපියල් 4,661,903,248ක් ගෙවා ඇත. පාලම් 12ක් පැති බැමි 140ක් ඔස්සේ මීරිගම සිට කුරුණෑගල දක්වා දිවෙන අධිවේගී මාර්ගයේ දෙවන අදියර නොවැම්බර් මස අවසන් වීමට පෙර ජනතා අයිතියට පැවරීමට මේ වනවිට කටයුතු කරමින් පවතියි.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *