රත්මලාන – පලාලි – මත්තල අභ්‍යන්තර ගුවන් ගමන් ඔක්තෝම්බරයේ සිට

රත්මලානේ සිට පලාලි දක්වා මෙන්ම මත්තල දක්වාද අභ්‍යන්තර ගුවන් සේවා ලබන ඔක්තෝබර් මාසයේ සිට ඇරඹීමට කටයුතු යොදා ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරයි. පලාලි ගුවන් තොටුපළ වැඩි දියුණු කොට විවෘත කිරීම ඔක්තෝබර් 15 වනදා සිදුවන බවත් ඒහි සිට ගුවන් සේවා කටයුතු ආරම්භ කිරීමට දේශීය සමාගම් පහක් සහ ඉන්දියන් සමාගම් දෙකක් ඉදිරිපත්ව සිටින බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් උපාලි රත්නායක මහතා ප්‍රකාශ කළේ කලාපීය ගුවන් සේවා රත්මලාන ගුවන් තොටුපළේ සිට ක්‍රියාත්මක ‌ෙකරන බවයි.

ඒමෙන්ම දේශීය ගුවන් සමාගම් මත්තල හා වෙනත් ගුවන් තොටුපළ වෙත ඒම සංචාර කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවද කියති.

මෙම කටයුතු සඳහා මගීන් 90කට අඩු පිරිසකට ගමන් කළ හැකි කුඩා ගුවන් යානා යොදාගැනීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *