දයාත් සජිත් එක්ක පැටලෙයි!

කිසියම් හෝ කෙනෙක් නායකත්වය විවේචනය කරන්නේ නම් අනිවාර්යයෙන්ම පක්ෂය විනයානුකූල පියවරක් ගත යුතු බව අමාත්‍ය දය ගමගේ මහතා අවධාරණය කළේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (28) අරලියගහ මන්දිරයේ පැවති සාකච්ජාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට කර තිබෙන තීන්දුව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා ඒ බව කියා සිටියේය. 

දයා ගමගේ මහතා පැවසුවේ දැනටමත් ප්‍රමාද බවයි.

ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධ අවසන් තීන්දුව කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු කණ්ඩායම එක්ව ගනු ලබන අතර එජාපයෙන් කුමන අපේක්ෂකයා ඉදිරිපත් කළද ඔහු ජයග්‍රහණය දක්වා ගෙනයාමට තමන් කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ASK 

LNW


Leave a Reply

Your email address will not be published. Required fields are marked *