තම රටවල අවි ඇල්ලීම ගැන විදේශ රටවල් අටක් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි .

avant-380-seithyඅවන් ගාඩ් සමාගමට අයත් “මහනුවර” අවි ගබඩාවේ තිබූ අවි යුද ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගැනීමේ පදනම කුමක්දැයි විදේශ රටවල් අටකට වැඩි සංඛ්‍යාවක් ශ්‍රී ලංකා රජයෙන් ප්‍රශ්න කොට ඇති බව දැනගන්නට ඇත . මෙසේ විමසීම් කොට තිබෙන්නේ බ්‍රතාන්‍ය රජය ඇතුළු යුරෝපීය රටවල් බව අපගේ ආරංචි මාර්ග කියයි .

විදේශ රටවල් 24ක සමාගම් 53කට  අයත් අවි ආයුධ  “එම්  වී මහනුවර ” නැවේ තිබිණි . නැවට අලුතින් ආයුධ භාරගැනීමේ ක්‍රියාවලිය මෙන්ම කලින් ගත් අවි භාරගැනීමේ ක්‍රියාවලියද දිගටම සිදුවෙමින් පැවති බවද කියති .

තම සමාගම් වලට අයිති ආයුධ පිලිබදව විදේශීය සමාගම්ද ප්‍රශ්න කොට ඇති අතර එම අවි සුරක්ෂිතව ආපසු භාරදෙන බවට නාවික හමුදාව සහතික වී ඇති බවද දැනගන්නට තිබේ  . අවි ආපසු භාරදීම දැනටමත් ආරම්භ කොට ඇති බවද අපගේ ආරංචි මාර්ග කියයි .

මේ අතර එක් සමාගමකට අයත් පිස්තෝලයක් අස්ථාන ගතවී ඇති බවට ගාල්ල පොලිසියට පැමිණිලි කොට ඇති බවද වාර්තා වීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *