සන්ථව කාව්‍ය විචාර සම්මාන 30 දා සිකුරාදා

අධ්‍යතන කාව්‍ය විචාරය වඩාත් අර්ථවත් කරනු වස් වාර්ෂිකව පැවැත්වෙන ‘සන්ථව කාව්‍ය විචාර සම්මාන උත්සවය’ මෙවරද කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි මහවැලි කේන්ද්‍රයේ ශ්‍රවණාගාරයේ දී 2019 අගෝස්තු 30 වන සිකුරාදා දින සවස 3.00සිට පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙහිදී ප්‍රධාන දෙසුම ‘2018 වර්ෂයේ ප්‍රකාශිත නූතනම කවි අස්වැන්නේ රුව ගුණ සුවඳ’ යන මැයෙන් පවත්වන්නේ සබරගමුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා විසිනි.

2018 වර්ෂයේ ප්‍රකාශිත කවිය වෙනුවෙන් සුසැදි විචාර නිබන්ධනය මෙන්ම සන්ථව කාව්‍ය විචාර තරඟයේ ජයග්‍රාහී විචාර ඇතුළත් ‘රසාර්ථ දීපනී – නූතනම සිංහල කවියේ සන්ථව ව්‍යාඛ්‍යාව’ ජනගත කිරීම ද මෙම වැඩසටහනට ඇතුළත්ය.  

සන්ථව ප්‍රකාශන කාව්‍ය කෘති කිහිපයක් ද ඒදින ජනගත වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *