එස්.බී, ඩිලාන් හැලේ..අලගියවන්නට වීරකුමාරට සහ රෝහණ ලක්ෂ්මන්ට නව තනතුරු..

රී ලංකා නිදහස් පක්ෂය විසින් ප්‍රධාන තනතුරු කිහිපයක් වෙනස් කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා ඉවත් කර  නව භාණ්ඩාගාරික ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා ද මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා මහතා ඉවත් කර නව මාධ්‍ය ප්‍රකාශක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතාද පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් පත්කරනු ලැබ සිටිති.

ඊයේ (අගෝස්තු 26) දින රාත්‍රියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම පත්වීම් සිදුකර තිබෙන අතර, එස්.බී දිසානායක සහ ඩිලාන් පෙරේරා යන මහත්වරුන්ගේ පසුගිය කාලය පුරා ශ්‍රීලනිපයේ කටයුතු වලින් ඉවත්ව පොදුජන පෙරමුණ සමඟ එක්ව කටයුතු කිරීම නිසා ඔවුන් පක්ෂයේ දැරු තනතුරු වලින් මෙසේ ඉවත් කිරීමට හේතුවී තිබේ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතාට අමතරව ශ්‍රීලනිප හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු ලෙස පත් කිරීමටද මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.

ශ්‍රීලනීප ජාතික ලැයිස්තුවෙන් පත්වී වෙනත් පක්ෂ වලට එක්ව කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පියවර ගතයුතු බවට යෝජනාවක් වයඹ පළාතේ ආණ්ඩුකාර පේෂල ජයරත්න මහතා විසින් ඉදිරිපත් කර ඇති අතර, ඌව මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතාගේ ස්ථිරත්වයෙන් මධ්‍යම කාරක සභාවේ දී අනුමත වී ඇත.

එම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර  එය ස්ථිර කර ඇත.

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් එහිදී අදහස් දක්වා ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට  දින තීරණය කිරීමක් හෝ නාම යෝජනා කැඳවීමක් සිදුව නැති බැවින් දැන්ම ඒ ගැන තීරණයක් ගැනීමේ අවශ්‍යතාවයක් නැතැයි පවසා තිබේ.

පොදුජන පෙරමුණේ සමුළුවට සහභාගී වූ එස්.බී දිසානායක, ඩිලාන් පෙරේරා , ආචාර්ය සරත් අමුණුගම සහ රෙජිනෝල්ඩ් කුරේ යන මහත්වරුන් කිසිවකුත් මධ්‍යම කාරක සභා රැස්වීමට සහභාගී වී නොමැත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *