අජිත් පී පෙරේරාට සුජීව සේනසිංහට එරෙහිව එජාපය විනය පියවර ගනී; මහලේකම් යැවූ ලිපි මෙන්න..!

එජාප සජිත්වාදී කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා සහ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ දෙදෙනාට විරුද්ධව එක්සත් ජාතික පක්ෂය විසින් විනය පියවර ගැනීමට කටයුතු කරමින් එහි මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් විසින් ලිපි යවා තිබේ.

පක්ෂයේ සාමාජිකයෙකු මන්ත්‍රීවරයෙකු ඇමැතිවරයෙකු ලෙස කටයුතු කරමින් පක්ෂය, එහි නායකත්වය, කෘත්‍යාධිකාරී මණ්ඩලය, පක්ෂයේ වැඩ පිලිවෙල සහ ක්‍රියාමාර්ග ප්‍රසිද්ධියේ විවේචනය කරමින් විද්‍යුත් මුද්‍රිත සහ අන්තර්ජාල මාධ්‍ය වෙත ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කිරීමට එරෙහිව පක්ෂයේ විනය කමිටුව වෙත ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් විභාග කරන බව දන්වා තිබේ.

එකී ප්‍රකාශ සහිත සීඩී තැටියක්ද දෙදෙනා වෙත යවා ඇත.

අජිත් සහ සුජීව පක්ෂ ව්‍යවස්ථාවේ 3.3(අ), 3.3(ඇ), 3.4(අ), 3.4(ආ), 3.4(ඈ) සහ 3.4(ඉ) වගන්ති උල්ලංඝනය කර ඇතැයි මහ ලේකම් යැවූ ලිපියේ දැක්වේ.

ඔවුන්ගේ නිදහසට කරුණු දැක්වීම ලිඛිතව සැප්තැම්බර් 09 වෙනිදාට පෙර මහ ලේකම් වරයා වෙත ලැබීමට සලස්වන ලෙසත් ඒවා පක්ෂ විනය කමිටුව වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගන්නා ක්‍රියාමාර්ග විනය කමිටුව විසින් තීරණය කරනු ඇති බවත් පක්ෂ මහලේකම් දෙදෙනාට යවා ඇති ලිපි වල දැක්වේ.

ලියා පදිංචි තැපෑලෙන් යවන ලද ඒ ලිපි දෙ‌කේ පිටපත් මෙහි දැක්වේ.

LEN

Leave a Reply

Your email address will not be published. Required fields are marked *