2019 ඉදිරි ජනාධිපතිවරණය සඳහා මහජන න්‍යාය පත‍්‍රය

මෙතෙක් කතාව ;
2015 ජනවාරි 8 වැනිදා, ශ‍්‍රී ලංකාවේ බහුතර ජනතාව විසින්, ඓතිහාසික දේශපාලන තීන්දුවක් ගනිමින් එතෙක් පැවැති, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී, අධිකාරවාදී, මිලිටරි හා පවුල් පාලනය අවසන් කරමින් පොදු අපේක්‍ෂකයෙකු ජයග‍්‍රහණය කරවා, ජනාධිපති ධුරයේ අසුන්ගන්වන ලදි.


ජනවාරි 8 ජනාධිපතිවරණයට පොදු අපේක්‍ෂකයා ඉදිරිපත් කැරුණේ, ඒ වන තෙක් සමාජයේ ගොඩනැගී තිබුණු දේශපාලන පක්‍ෂ හා සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරය ප‍්‍රමුඛ කරගත් පුරවැසි බලය, අලූත් පරපුර, වෘත්තීය සමිති, රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු මහජන බලවේග විසින් සකස් කරන ලද ‘මහජන න්‍යාය පත‍්‍රයක්’ නිශ්චිත කාලයක් තුළ ක‍්‍රියාත්මක කරවාගැනීම සඳහාය. එහෙත්, ජනාධිපති ධුරයට පත්වී කෙටි කලකින් ඒ පොදු අපේක්‍ෂකයා ඒ මහජන න්‍යාය පත‍්‍රයෙන් ක‍්‍රමයෙන් වියෝ වන්නට පටන් ගත් අතර, ධුරයට පත්වී අවුරුදු හතරහමාරක් ගතවන තැන, ඒ මහජන න්‍යාය පත‍්‍රයේ ප‍්‍රධාන හතුරා බවටද පත්වී සිටියි.


එහෙත්, ඒ සීමිත අවකාශය තුළ පවා, එකී මහජන න්‍යාය පත‍්‍රයේ සඳහන් යම් පියවර ක‍්‍රියාත්මක කරවා ගැනීමට, මාදුළුවාවේ සෝභිත හිමියන් ඇතුළු පුරවැසි බලවේගවල සක‍්‍රිය මැදිහත්වීම නිසා හැකිවිය. අලූතෙන් එකින් එක නම් කළ යුතු නැති ඒ පියවර වනාහි ලංකාවේ දේශපාලන ඉතිහාසයේත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගමන්මගේත්, ඓතිහාසික ජයග‍්‍රහණ බව අවිවාදාත්මකය.


එහෙත්, 2015 මහජන න්‍යාය පත‍්‍රය සම්පූර්ණයෙන් ක‍්‍රියාත්මක කරගන්නට අපට නොහැකි විය. ඒ නිසා, 2019 වර්ෂාවසානයේදී ඊළඟ ජනාධිපතිවරණය එළැඹෙන විටත්, එකී න්‍යාය පත‍්‍රය පවතින්නේ අඩක් නිමවූ කාර්යයක් හැටියටය.


දැන් අපට ඇත්තේ එකම මාවතකි. එනම්, මෙතෙක් අපට සාක්‍ෂාත් කරගත නොහැකි වූ ඉතිරි ජයග‍්‍රහණද සාක්‍ෂාත් කර ගැනීමේ මාවත පමණෙකි. ජනවාරි 8 මහජන න්‍යාය පත‍්‍රය සම්පූර්ණ කරගැනීමේ මාවත පමණෙකි.


පසුගිය වසර හතරහමාරක යහපාලන ආණ්ඩුවේ ගමනෙනුත්්, 2018 ඔක්තෝබරයේ සිදුකළ ව්‍යවස්ථා කුමන්ත‍්‍රණයෙන් හා ඊට අනුගාමීව පිහිටුවන ලද දින 52 නීති විරෝධී ආණ්ඩුවේ හා ඉන් පසු දේශපාලන නායකයන්ගේ හැසිරීමෙනුත් ඉගෙනගත් පාඩම් විසින්, ජනවාරි 8 මහජන න්‍යාය පත‍්‍රය තවත් ශක්තිමත්ව හා වේගවත්ව සම්පූර්ණ කරගැනීමේ වගකීම අප වෙත පවරනු ලැබ තිබේ.
අපට ඉදිරියේ සාක්‍ෂාත් කරගැනීමට ඇති දේශපාලන ජයග‍්‍රහණ පිළිබඳ චිත‍්‍රය සැකෙවින් මෙසේය.

  1. රාජ්‍යයේ ව්‍යුහය
    19වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් හා දින 52ක ව්‍යවස්ථා කුමන්ත‍්‍රණයෙන්් පැහැදිලි වන්නේ, රාජ්‍ය පාලනයේ තිබිය යුත්තේ එක් බලකේන්ද්‍රයක් පමණක් බවයි. එය පාර්ලිමේන්තුව විය යුතුය. විධායක ජනාධිපති ක‍්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතුය. අගමැතිවරයා ප‍්‍රමුඛ විධායකය විසින් බලය හිතුවක්කාර ලෙස පාවිච්චි කිරීම වැළැක්වීමට අවශ්‍ය ආරක්‍ෂක විධික‍්‍රමද පනවා තිබිය යුතුය.
    ජනාධිපතිවරයා පත් කළ යුත්තේ, සෘජු මහජන ඡුන්දයකින් නොව පාර්ලිමේන්තුව හා දෙවැනි මන්ත‍්‍රී මණ්ඩලයක් විසිනි. ජනාධිපතිවරයා සෑම විටම කටයුතු කළ යුත්තේ, අගමැතිවරයා විසින් තමාට දැනුම්දෙනු ලබන, අමාත්‍ය මණ්ඩලයේ උපදෙස් මතය.
  2. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව
    19 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතෙන් යෝජනා කර තිබුණු පරිදි, සභාපති කතානායක, අගමැති හා විපක්‍ෂ නායක හැරුණු විට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ අනෙක් සාමාජිකයන් හත් දෙනා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් නොවිය යුතුය.
  3. මැතිවරණ ක‍්‍රමය
    සමස්තයක් හැටියට සමානුපාතික නියෝජන ක‍්‍රමය පවත්වාගත යුතු අතර, මනාප ක‍්‍රමය අහෝසි කළ යුතුය. සෑම ඡුන්ද කොට්ඨාසයකටම මහජන නියෝජිතයකු සිටිය යුතුය. කාන්තා නියෝජනය සහතික කළ යුතුය.
    විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම නිසා රටේ දේශපාලන අස්ථාවරභාවයක් ඇතිවිය හැකියැයි කියන අදහස සලකා බලා, පාර්ලිමේන්තු මැතිවරණයෙන් වැඩිම ආසන සංඛ්‍යාවක් ලබා ආණ්ඩුවක් පිහිටුවන දේශපාලන පක්‍ෂයට, තවත් අතිරේක මන්ත‍්‍රීවරුන් සංඛ්‍යාවක් පත්කරගැනීම සඳහා අවස්ථාව තිබිය යුතුය. සෝල්බරි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මෙවැනි ප‍්‍රතිපාදනයක් තිබිණ.
    කිසියම් මන්ත‍්‍රීවරයකු/වරියකට, තමා තේරීපත්වුණු දේශපාලන පක්‍ෂයේ සාමාජිකත්වය අහිමිවුණු විටෙක ඔහුගේ/ඇයගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීධුරයද අහිමි වේ. මන්ත‍්‍රීධුරයෙන් නෙරපීම පිළිබඳ තනි හා අනන්‍ය අධිකරණ බලය අලූතෙන් පිහිටුවනු ලබන ‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා අධිකරණයට’ තිබිය යුත්තේය. එවැනි කරුණු සම්බන්ධයෙන් අතුරු තහනම් හෝ වෙනත් නියෝග නිකුත්කිරීමට, වෙනත් කිසිම අධිකරණයකට බලය නොතිබිය යුතුය.
  4. දෙවැනි මන්ත‍්‍රණ සභාව
    පළාත් සභාවලින් නම් කෙරෙන නියෝජිතයන්ගෙන් සමන්විත වන දෙවැනි මන්ත‍්‍රණ සභාවක් තිබිය යුතුය. පාර්ලිමේන්තුව විසින් ඊට අතිරේක සභිකයන් කිහිප දෙනකු නම් කළ හැකිය. විමධ්‍යගත කරන ලද විෂයයන් සම්බන්ධයෙන්, ජාතික ප‍්‍රතිපත්ති සෑදීමේ කාර්යයේදී දෙවැනි මන්ත‍්‍රණ සභාවේ සහභාගිත්වයද තිබිය යුතුය. විමධ්‍යගත කරන ලද විෂයයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව පනවන නීති දෙවැනි මන්ත‍්‍රණ සභාවෙන්ද අනුමත විය යුතුය.
    ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ගෙනෙන සංශෝධනද දෙවැනි මන්ත‍්‍රණ සභාවෙන් අනුමත විය යුතුය. අනෙක් සියලූ නීති සම්පාදනයේදී, දෙවැනි මන්ත‍්‍රණ සභාවේ යෝජනා පාර්ලිමේන්තුව සලකා බැලිය යුතුය.
  5. කොමිෂන් සභාවල ස්වාධීනත්වය
    කොමිෂන් සභාවල ස්වාධීනත්වය තවදුරටත් සහතික කළ යුතුය. කාර්ය මණ්්ඩල හා මූල්‍ය සම්පත් සම්බන්ධ ගැටලූ සහගත තැන් නිරාකරණය කළ යුතුය.
  6. බලය බෙදාහදාගැනීම
    ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේදී පළාත් සභා ප‍්‍රධාන ඇමතිවරුන් යෝජනා කළ පරිදි, පළාත් සභා තවදුරටත් ශක්තිමත් කළ යුතුය. මෙහෙයුම් කමිටුවේ අන්තර්කාලීන වාර්තාව වැඩිදුර සාකච්ඡුා සඳහා පදනම විය යුතුය.
  7. මූලික අයිතිවාසිකම්
    සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්වල විෂය පරාසය තවත් පුළුල් කළ යුතුය. පහත අයිතිවාසිකම් අධිකරණය මගින් බලාත්මක කරවා ගත හැකි මූලික අයිතිවාසිකම් විය යුතුය. සමාජීය, ආර්ථික හා සංස්කෘතික අයිතිවාසිකම්, කාන්තා අයිතිවාසිකම්, ළමා අයිතිවාසිකම්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ අයිතිවාසිකම්, වෙනස් හැකියාවලින් යුක්තවූවන්ගේ අයිතිවාසිකම් හා පාරිසරික අයිතිවාසිකම්.
    මූලික අතියිවාසිකම් අයැදුම්පත් ඉදිරිපත්කිරීම සඳහා ඇති කාල සීමාව අහෝසි කළ යුතුය. සාධාරණ කාලයක් තුළ ඉදිරිපත් කෙරෙන අයැදුම් පිළිගත යුතුය. මහජන සුබසාධන නඩුකරණය, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් ප‍්‍රකාශිතවම පිළිගත යුතුය.
    මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් මුල් අධිකරණ බලය අභියාචනාධිකරණයට තිබිය යුතු අතර, අභියාචනා සඳහා අවසර ලබාගැනීමේ අවස්ථාව (කැ්ඩැ* ක්ද සහිතව අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකළ යුතුය.
    මානව හිමිකම් කොමිෂන් සභාවේ නිර්දේශ අනිවාර්යයෙන්ම ක‍්‍රියාත්මක කරන විධිවිධාන සකස් කළ යුතුය.
  8. අධ්‍යාපනය
    රටේ ආර්ථික හා සමාජීය සංවර්ධනය වෙනුවෙන්, දළ ජාතික ආදායමෙන් 6%ක් අධ්‍යාපන ක්‍ෂෙත‍්‍රය සඳහා ආයෝජනය කළ යුතුය.
    රටේ සියලූම දරු දැරියන්ට ගුණාත්මක පූර්ව ළමාවිය සංවර්ධනය, රැුකබලා ගැනීම හා නොමිලේ ලැබෙන වසරක ගුණාත්මක පූර්ව ප‍්‍රාථමික අධ්‍යාපනයක් සඳහා ඇති ප‍්‍රවේශය සහතික කළ යුතුය.
    සියලූම සිසු සිසුවියන්ට සම්පූර්ණයෙන්ම නොමිලේ ලැබෙන, ගුණාත්මක, සියලූ දෙනාම අන්තර්ගත කරගන්නා හා සමාන ප‍්‍රාථමික, කනිෂ්ඨ හා ද්විතීයික අධ්‍යාපනයකින් සමන්විත අවුරුදු 13ක අනිවාර්ය පාසල් අධ්‍යාපනයක් සහතික කළ යුතුය.
    සියලූම තරුණ තරුණියන්ට නොමිලේ ලැබෙන, ගුණාත්මක තාක්‍ෂණික, වෘත්තීය හා තෘතීයික (විශ්වවිiාල අධ්‍යාපනයද ඇතුළුව* අධ්‍යාපනයක් සහතික කළ යුතුය. කුසලතා සංවර්ධන, වෘත්තීය හා තාක්‍ෂණික අධ්‍යාපනය ද්විතීයික පාසල් මට්ටමේ සිට ආරම්භ විය යුතුය.
    ඉහත කී අධ්‍යාපන ප‍්‍රවේශයන්, ස්ත‍්‍රී පුරුෂ හෝ වෙනස් හැකියාවන් සහිත හෝ ඕනෑම වයස් කාණ්ඩයකට අයත් හෝ ආදිවාසික හෝ පහළ සමාජ මට්ටම්වල සිටින හෝ එවැනි සියල්ලන් අන්තර්කරණය කරගන්නා බවට සහතික විය යුතුය.
    ඉහත කී අධ්‍යාපන ප‍්‍රවේශයන්, ධරණීය සංවර්ධනය ප‍්‍රවර්ධනය කරන, මානව අයිතිවාසිකම්, ස්ත‍්‍රීපුරුෂ සමානාත්මතාව, සාමය හා නිර්ප‍්‍රචණ්ඩත්වය, ගෝලීය පුරවැසිභාවය, සංස්කෘතික විවිධත්වය අගය කිරීම ප‍්‍රවර්ධනය කරන්නාවූ බවට සහතික විය යුතුය.
  9. සෞඛ්‍යය
    රජය විසින් නොමිලේ සපයන සෞඛ්‍ය සේවා, කිසිදු වෙනස්කමකින් තොරව, රටේ සෑම ප‍්‍රදේශයකම සිටින සියලූ රෝගීන්ට ලැබෙන බවට සහතික විය යුතුය.
    සෑම රෝගියකුටම, තමාට අවශ්‍ය සොඛ්‍ය පහසුකම්වලට ප‍්‍රවේශ වීමට ඇති සමාන හැකියාව සහතික කළ යුතුය.
    සෑම රෝගියකුටම ලැබෙන පහසුකම්, ගුණාත්මක අතින් සමාන හා ඉහළ විය යුතුය.
    පෞද්ගලික අංශයෙන් සැපයෙන සෞඛ්‍ය සේවාවන් සහ ඒවායේ මිල රජයේ නියාමනයට යටත් කළ යුතුය.
  10. ආර්ථිකය
    අපේ ආර්ථික දර්ශනය, නවලිබරල්වාදයට යට නොවී ගෝලීය-දේශීය තුලනයක් ඇති කර ගැනීම ඉලක්ක කොට පවතින්නක් විය යුතුය. ඒ අර්ථයෙන් ගත් විට අපට අවශ්‍ය වන්නේ ‘සමෘද්ධිය බෙදාහදාගන්නා’ ී්‍ය්ඍෑෘ ඡුඍධීඡුෑඍෂඔශ රාජ්‍යයකි. එනම්, වාර්ගිකත්වය, ස්ත‍්‍රීපුරුෂභාවය, ආගම, කුලය හෝ පන්තිය මත වෙනස්කම්වලට භාජනය නොවී සංවර්ධනයේ ඵලයන්ට විවෘතව ප‍්‍රවේශ වීමට හැම අයෙකුටම හැකියාව ඇති රාජ්‍යයකි.
    එනිසා අපේ සංවර්ධන ඉලක්ක විය යුත්තේ, සිය ශ‍්‍රමය වෙළෙඳපොළෙහි විකිණීමට හෝ වෙළෙඳපොළට නිෂ්පාදන විකිණීමට හැකි තමාගේම ව්‍යාපාරයක් අරඹන්නට, ඔවුන්ගේ ශක්‍යතාවන් හා කුසලතා සංවර්ධනය කිරීමෙන්, මහජනතාව ආර්ථික වශයෙන් බලගන්වන ක‍්‍රමයකි.
    එම ක‍්‍රියාවලිය, ඉතා ඉක්මන් පියවර, මධ්‍යකාලීන පියවර, මධ්‍යකාලීන සිට දීර්ඝකාලීන පියවර යන කොටස් තුනෙන් සමන්විත විය යුතුය. ඉතා ඉක්මන් පියවර, කුඩා හා මධ්‍යම ව්‍යවසායකයන්ගේ ප‍්‍රමාණයෙන් කුඩා ආදායම් පදනම ආරක්‍ෂා කරන්නක් විය යුතුය. මධ්‍යකාලීනව, අනාගත ආර්ථික සංවර්ධනය සඳහා පදනම දමන්නක් විය යුතුය. මධ්‍යකාලීන සිට දීර්ඝ කාලීන පියවර, රටේ ආර්ථිකය ඉතා දිගුකාලීන සංවර්ධනයේ මාර්ගයට යොමුකර, සිය සංවර්ධන අරමුණු සාක්‍ෂාත් කරගන්නට රටට හැකියාව ඇතිකරවන්නක් විය යුතුය.
  11. අධිකරණය
    ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අර්ථ දැක්වීමේ සියලූ කාර්යය සඳහා ‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා අධිකරණයක්’ පිහිටුවිය යුතුය. පාර්ලිමේන්තු හා පළාත් සභා ව්‍යවස්ථා පැනවීමෙන් පසු ඒවා ගැන විමසීමේ බලය මෙම අධිකරණයට පැවරිය යුතුය.
    අභියාචනාධිකරණය, පළාත්බදවද රැුස්විය යුතුය. වර්තමාන පළාත්බද මහාධිකරණ සම්බන්ධ අභියාචනා හා රිට් අධිකරණ බලය එම අධිකරණයට පැවරිය යුතුය.
  12. ඉහළ අධිකරණ
    ‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා අධිකරණය’, ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණය සඳහා විනිසුරුවරුන් ජනාධිපතිවරයා විසින් පත්කළ යුත්තේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ නාමයෝජනාව මතය. එම නාමයෝජනාවලදී ව්‍යවස්ථා සභාවට, අගවිනිසුරුගෙන්, නීතිපතිගෙන් හා ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයෙන් අදහස් ලබාගැනීමට යාන්ත‍්‍රණයක් තිබිය යුතුය.
    ඉහළ අධිකරණයන්හි විනිශ්චයකාරවරුන් ඉවත්කිරීමේ ක‍්‍රියාමාර්ගය පාර්ලිමේන්තුවෙන් බැහැරව, ජාත්‍යන්තරව පිළිගත් ප‍්‍රමිතීන්ට අනුකූලව සිදුකළ යුතුය.
  13. අල්ලස හා ¥ෂණය තුරන් කිරීම
    මේ වන තෙක් මුදුන්පත් කර ගැනීමට නොහැකිවූ අල්ලස හා ¥ෂණය පිටුදැකීමේ පියවර ඉදිරියට තැබීම. අල්ලස් හෝ ¥ෂණ විමර්ශන කොමිසමේ කටයුතු ශක්තිමත් කිරීමට අවශ්‍ය නීතිමය ප‍්‍රතිපාදන වහාම සම්මත කළ යුතුය. එහි කාර්ය මණ්ඩලයේ කාර්යක්‍ෂමතාව ඉහළ නැංවිය යුතුය. අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවෙන් පත්කෙරෙන විධිවිධාන ඇතිකළ යුතුය.
    ශ‍්‍රී ලංකාව අත්සන් කොට එකඟ වී ඇති අන්තර්ජාතික ¥ෂණ විරෝධී ප‍්‍රඥප්තිය සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන නීති සම්පාදනය කිරීම සහ අවශ්‍ය මූල්‍ය ප‍්‍රතිපාදන වහාම ලබාදීම කළ යුතුය.
  14. සාමය සහ සංහිඳියාව
    සාමය හා සංහිඳියාව සාක්‍ෂාත් කරගැනීම සඳහා කෙටිකාලීන වශයෙන් හා දීර්ඝකාලීන වශයෙන් රාජ්‍යය විසින් කළ යුතු කාර්යයන් වහාම ක‍්‍රියාත්මක කළ යුතුව තිබෙ ඒවා සියලු ජාතීන්ට සහ ආගමිකයන්ට සුරක්ෂිතතාව සහතික කෙරෙන වැඩපිළිවෙලක් මත පදනම් විය යුතුය
    සෑම වාර්ගික සහ ආගමික ප‍්‍රජාවක් අතරේම තිබිය හැකි සියලු වෙනස්කොට සැලකීම් අහෝසි කළ යුතු අතර ඒ ඒ වාර්ගික සහ ආගමික ප‍්‍රජාවන් ඇතුළත පවතින වෙනස්කොට සැලකීම් ද අහෝසි කරන බවට වගබලාගත යුතුය
    සුළුතර වාර්ගික ජනතාව රාජ්‍ය පාලනයට හවුල්කරගැනීම සඳහා අවශ්‍ය ව්‍යවස්ථාමය ප‍්‍රතිසංස්කරණ ඇති කර ගැනීම මෙහිදී වැදගත් වෙයි
  15. විදේශ ප‍්‍රතිපත්තිය
    ලෝක සිතියමේ භූ-දේශපාලනික වශයෙන් වැදගත් ස්ථානයක පිහිටා තිබෙන ශ‍්‍රී ලංකාව කෙරෙහි විවිධ ආකාරයෙන් බලපෑ හැකි ගෝලීය බලතුලනයන් ගැන මනා අවදියෙන් යුක්තව, ඒවා නිසි ලෙස කළමනාකරණය කරගනිමින්, රටටත් මහජනතාවටත් උපරිම ප‍්‍රතිලාභ ලබාගත හැකි, නොබැඳි විදේශ ප‍්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුය.
    ශ‍්‍රී ලංකාව ලෝකයේ ශිෂ්ට සම්පන්න රටක් ලෙස පැවතීමට අවශ්‍ය ජාත්‍යන්තර සම්මුතීන්වලට ඇතුළත් විය යුතු අතර, (උදාහරණ: සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ දෙවැනි විකල්ප ප්‍රොටෝකෝලය* දැනටමත් ඇතුළත්වී ඇති සම්මුතීන්වල ප‍්‍රතිලාභ ලංකාවාසී ජනතාවට ලැබෙන ලෙස අවශ්‍ය නීති ප‍්‍රතිසංස්කරණ කළ යුතුය.
  16. ජාතික ආරක්‍ෂාව
    ජාතික ආරක්‍ෂක මණ්ඩලයක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින්ම පිහිටුවිය යුතුය.
    අවසාන වශයෙන් ජාතික ආරක්ෂාව සහතික වන්නේ සමස්ත සමාජයේ පවතින වාර්ගික සහ ආගමික සංහිදියාව මත ය. ඒ නිසා ජාතික ආරක්ෂාව යනු අනාරක්ෂාව ඇති වීමෙන් පසු අවශ්‍ය කරන දෙයකට වඩා, අනාරක්ෂාව ඇති වීමට පෙර සහතික කරගත යුතු සමාජ තත්වයක් බව පිළිගත යුතුය.
    ඒ අනුව ජාතික ආරක්ෂාවේ මුල්ගල විය යුත්තේ සියලු ප‍්‍රජාවන්ට රැුකවරණය ලබාදෙන ආරක්ෂිත පරිසරයක් සහතික කෙරෙන ව්‍යුහයන් රට තුළ ඇති කිරීමයි

සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරය ,

පුරවැසි බලය ,

වමේ කේන්ද්‍රය

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *