|

එජාප ඩිනර් තරගය හා චම්පිකගේ නොගිලෙන බෝට්ටු

ජනපතිවරණය අත ලඟ යැයි පැවසෙන පසුබිමක දැඩි ආරවුල් හා මතගැටුම් මැද පොහොට්ටුවේ අපේක්ෂකයා නම් කොට හමාරය. ජවිපෙ අපේක්ෂකයාද කල එළි බැස තිබේ. එහෙත් මෙම ජනපතිවරණයේ ජයග්‍රහණය එජාපෙ සතු බවට පසුබිම නිර්මාණය වී තිබෙන බවට  මත එලි දැකීමත් සමඟ රනිල් සජිත් කරූ ෆොන්සේකා කිරිඇල්ල ඇතුළු පිරිසක් තම අපේක්ෂකත්වය තහවුරු කර ගැනීමේ සීතල අරගලයක් එජාපය තුල දියත් කළහ. එම සීතල අරගලය ගිනියම් වූයේ සජිත් ඇතුළු ප්‍රබල කණ්ඩායමක් එම සටන මහපාරට ගෙන ඒමත් සමඟය.

“ජනාධිපතිවරණය තාම ප්‍රකාශයට පත්කරල නෑ. ඒ නිසා එජාපෙට අපේක්ෂකයා නම් කරන්න හදිසීයකුත් නෑ” මත අරගලය යටපත් කරන්නට එජාපයේ සියළු පාර්ශව කියනුයේ එවැනි කතාවකි.

අගමැතිගේ උපදෙස් මත බස්නාහිර පලාතම මහ නගරයක් කිරීමේ දැවැන්ත වැඩපිළිවෙළ දියත් කළ චම්පික රණවක බ්‍රහස්පතින්දා තවත් ඉතා ජනතාවාදී ව්‍යාපෘහියකට මුලපිරුවේය. ඒ කොළඹ කොටුවේ සිට කොල්ලුපිටිය ආසන්නය දක්වා බේරේ වැවේ බෝට්ටු මගී ප්‍රවාහන සේවයක් අගමැතිගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමය.

“අද මාර වැස්සක් වහිනවා. බෝට්ටුව කුණාටුවකට අහුවේවිද දන්නෙ නෑ” යැයි විහිළුවක් කළ අගමැතිවරයා එහි යෑමට පෙර අරලිය ගහ මැදුරේදී තමා හමුවට පැමිණ සිටි මැති ඇමතිවරුන්ට කියා කොක් හඬලා සිනාසුනේය.

“එහෙනම් ව්‍යාපෘතිය විවෘත කිරීම කරල පස්සෙ දවසක බෝට්ටු පදින්න” ලක්ෂමන් කිරිඇල්ල කීවේද සිනාසෙමිනි.

“කිසි දේකට බයවෙන්නෙපා. අපි දාන බෝට්ටු සුනාමියටවත් පෙරලෙන්නෙ නෑ.” චමිපික රණවක කීවේද සියල්ලන්ම සිනා ගස්සවමිණි.

“ජනාධිපතිවරණය තවම ප්‍රකාශ කළේ නැතත් අපේ අපේක්ෂකයා ඉක්මනින් ලෑස්ති කරන්න ඕනෑ.” චමින්ද විජේසිරි කීය.

“හොද අපේක්ෂකයෙක් වගේම මේ ජයග්‍රහණයට ශක්තිමත් සංධානයකුත් ඕන. මුලින් ඉදිරිපත් කරපු සංධානෙ ව්‍යවස්ථාවට අපේ සමහරු සංශෝධන ඕන කිව්වා. අපි ඒකට අවස්ථාව දුන්නා. ඒත් සංශෝධන දෙන්න බාරගන්න කබීර් තාම ඒක බාර දුන්නේ නෑ. කෙටුම්පතක් විදියට ලබා දෙන්නයි එකග වුණේ.” අගමැති පැහැදිලි කලේය.

” පරක්කු වෙන්න හේතුව ගැන ඒ අය අතරත් මත ගැටුම් තියෙනවද දන්නේ නෑ. මේව ඉක්මනින් අවසන් වෙන්න ඕනෑ. ” අගමැති උපදේශක දිනේෂ් වීරක්කොඩි කීය. ”

කබීර් රාජිතට පොරොන්දු වෙච්ච සංධාන ව්‍යවස්ථා කෙටුම්පත තාම නැති එකෙන් මේ වැඩ තව පරක්කු වෙනවා. ඒක හරි නෑ කවුරුත් එකතු වෙලා මේවා ඉක්මන් කරන්න ඕනෑ. ” ලක්ෂ්මන් කිරිඇල්ල කීය.

” අවසන් කෙටුම්පත ඉක්මන් කරන්නැයි පක්ෂ නායකයොත් අගමැතිතුමාට බල කරනවා. එයාල ගැලවිලා යන්නත් බැරි නෑ. මේ පාර මුස්ලිම් ඡන්ද පොහොට්ටුවට බින්දුව නිසා හකීම්ලට දැල එලන්න එයාල ට්‍රයි කරනවාලු” දිනේෂ් වීරක්කොඩි කිය.

“සජිත් ඇමතිතුමා කැඳවන පළාත් සභා හා මන්ත්‍රීලාගේ හමුවලට ලොකු සංඛ්‍යාවක් එනවා” හේෂා විතානගේ කීය.

“පෙන්වන සංඛ්‍යාලේඛණ ගැන පොඩි ප්‍රශ්ණ තියෙනවා. සමහරු එජාපයෙන් ගිය අයලු. මැති ඇමතිවරුන්ට ආරාධනා කරලා තිබුණේ ඇමති සුජීවගේ ගෙදරට නෙමෙයි. බාන්ස් ප්ලේස් එකේ දොස්තර කෙනෙකුගේ ගෙදරටලු. ඒ දොස්තර ඉස්සර මෛත්‍රී ඇමති කාලේ එයාගෙ දොස්තර හැටියටත් වැඩ කරපු කෙනෙක්ලු ” අරලියගහ මැදුරේ නිළධාරියෙකු කීවේ එවැනි කථාවකි.

“එදා රෑ පාටියට ටී.වී. කැමරා ගෙනාපු එක ගැන පාලිත තෙවරප්පෙරුම ඇතුලු අය දොස් කිව්වා” මහාචාර්ය ආශු මාරසිංහ කීය.

“ අද කෑගල්ලේ දිසාවේ  ප්‍රාදේශීය සභා මන්ත්‍රීල සජිත් ඉල්ලල උද්ඝෝෂණයක් කරනව නේද ” ගයන්ත කරුණාතිලක කීවේය.

“ එජාප සභාපති කබීර් ඒ ගැන දන්නේ නෑ කියන්නේ. ඊයෙලු එයා දන්නේ” යයි අගමැතිවරයා කීවේ මද උපහාසයක්ද සමගිනි.  

” උඩින් තුන්දෙනෙක් ඉන්දැද්දි යුධ හමුදා මාණ්ඩලික තනතුර කෙනෙකුට දීලා එයා හමුදාපතිත් කරලා.ලංකාවට එරෙහි මානව හිමිකම් යුධ අපරාධ ගැන ජාත්‍යන්තරව  යටපත්ව තිබුණු කතා මේවා එක්ක ආපහු එළියට ආවා. අපේ ප්‍රවාහනයට ඇමෙරිකාව දෙන්න හිටපු ඩොලර් දස ලක්ෂ 480 දැන්  නොදෙන තත්වයක් තියෙනවා. මේකට යුරෝපා සංගමයත් අත ගැහුවොත් ජී එස් පී ප්ලස් හා අපේ මාළු වලටත්  බුදු සරණයි. ” එජාප නීති නිලධාරියෙකු කීය.

” ලංකාවෙ හමුදා සාම සාධක හමුදා වලට යවන එකත් මේ ප්‍රශ්නයත් එක්ක නවතින්න පුළුවන් කියලයි  ආරංචි. මේ ඔක්කොම ගත්තාම මේ ආණ්ඩුව අමාරුවෙන් ගොඩ දාපු ලංකාවේ ආර්ථිකයටයි පහර වදින්නේ. එක් කෙනෙක් නිසා රටේම ජනතාවට වන්දි ගෙවන්න වුණොත් ඒක කණගාටුදායක තත්වයක්” දිනේෂ් වීරක්කොඩි කල විග්‍රහයට කාගෙත් එකඟත්වය පලවිය.

“මේ රටේ ලක්ෂ 25ක ජනතාවට ඉඩම් දෙන්න මේ ආණ්ඩුව ක්‍රියා කලා. අපි ඒත් මේ කුහක පොහොට්ටුව ඇතුළු විපක්ෂය උසාවි ගිහින් ඒක නවත්තලා මේ රටේ ඉඩම් නැති දුප්පතුන් ආපහු අනාථ කලා” ගයන්ත කරුණාතිලක කීවේ ඉතා කණගාටුවෙනි.

“මේ පනත හරහා පිටරට අයටත් ඉඩම් දෙන්න හදන බවට විපක්ෂය කරන චෝදනාව අලි බොරුවක්. රාජපක්ෂලා ෂැංග්‍රිලා එකට අපේ හමුදා මුලස්ථානය දෙනකොටයි ඇමෙරිකාවේ ඩෝල් සමාගමට වවන්න අක්කර 15,000 ක් දෙනකොට මේ පනත තිබිලද දුන්නේ” ලක්ෂ්මන් කිරිඇල්ල කල විග්‍රහයට කාගෙත් අවධානය යොමුවිය.

“ලංකාවට විරුද්ධව යලිත් ජාත්‍යන්තර මානව හිමිකම් හා යුධ අපරාධ චෝදනා මතු වුණාම අපේ හමුදාවල අයට විදේශවලට වීසා නොදෙන අනතුරක් තියෙනවා කියලත් ආරංචියි ” මහාචාර්ය ආශු මාරසිංහ කීවේ එවැන්නකි.

” එක්සත් ජාතීනුත් ලංකාව ගැන උනන්දුයි. අපේ හමුදා පහුගිය වසර 04 පුරා සාම සාධක හමුදා වලට ගිහින් ගෙනා කෝටි ගණන් විදේශ විනිමයත් රටට අහිමි වෙන බවට අනතුරක් තියෙනවා කියලත් ආරංචියි. ” චමින්ද විජේසිරි හා හේෂා විතානගේ කීවේ එකම කතාවකි.

” නව හමුදා ප්‍රධානියා පත් කරන කොට අගමැතිතුමාගෙන් ඇහුවද ” ලක්ෂ්මන් කිරිඇල්ල විමසුවේ තීරණාත්මක පැණයකි.  

” ඉතා කණගාටුදායක තත්වයක්. මේ පත් කිරීම ගැන මම කිසි දෙයක් දන්නේ නෑ. ” අගමැති කීවේ නළල රැළි ගන්වමිනි.

” දැන් එජාපය ඇතුලෙ “ඩිනර් තරගයක්” තියෙනවා. අපට හොදට කාල බීල ඉන්න ලැබෙන කාලයක් මේක” චමින්ද, හේෂා හා ආශු කීවේ කොක් හඩලමිනි.

“ආණ්ඩුවට වසර 04 පිරෙන එකට මම මේ සිකුරාදා ඩිනර් එක සූදානම් කලේ සති 02 කට කලින්. වෙන වෙන ඩිනර් එක පාරටම තියන්නේ ඇයි. ඒකට හේතු මොනවාද මම දන්නේ නෑ. “අගමැතිවරයා පැහැදිලි කලේ මද සිනහවක් ද සමගිනි.

“ ගෝඨා තාම ඇමෙරිකානු පුරවැසිකමින් නිදහස් කරල නෑ. නිදහස් කලා නම් ඊලගට එන ලැයිස්තුවේ නම වැටෙනවා. ඒ තරමට ඇමෙරිකානු සිස්ටම් එක නව තාක්ෂණයක් එක්ක යන්නේ. ගෝඨා ඩමියක්ය, නාම යෝජනා දෙන්න වෙන කෙනෙක් රහසේ සූදානම් කරල කියලා පොහොට්ටුවේ අයටම දැන් ලොකු සැකයක් ඇති වෙලාලු තියෙන්නේ. “ දිනේෂ් වීරක්කොඩි කීවේ මේ ගැන  අධ්‍යනය කල කණ්ඩායමක අදහස් ගෙනහැර පාමිනි.  

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *