අගමැති රනිල් අත ඇති තුරුම්පු –

උස් හඬින් ශබ්ද කිරීම  – ශ්‍රී ලංකාවේ අද වඩාත්ම කතාබහට ලක්ව ඇති ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලනන්ගේ තත්ත්වය කෙනෙකුට විස්තර කළ හැකි වන්නේ, ඒ ආකාරයෙනි. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් වුවත්, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් වුවත්, වර්ථමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් වුවත් ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපති වීමට ප්‍රසිද්ධියේ අර අඳින ඒ සියලු දෙනාගේ ක්‍රියාකාරකම් හා ප්‍රතිඥා යටපත් කරමින් අසන්නට ලැබෙන්නේ මහත් ශබ්දයකි.

මෙම ඉහළ ශබ්දයට සම්පූර්ණ වෙනස් ව ඒත් ජනාධිපතිවරණ අපේක්ෂකයකුගේ පැත්තෙන් ඇත්තේ කන් බිහිරි වූ ආකාරයේ නිශ්ශබ්දතාවයකි. මාස තුනකින් එන ඡන්දයේදී සියයට පණහකට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ජනාධිපති වීමේ සැබෑ හැකියාව අත්තේ ඔහුටය. වෙනත් ජනාධිපති අපේක්ෂකයන් තමන්ගේ ප්‍රධාන ප්‍රචාරක වැඩ ප්‍රතිරූපය පිම්බීම හා තම ආධිපත්‍ය පැතිරවීම කරද්දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉතා සැහැල්ලුවෙන් තැන්පත්ව හා සාමුහිකව ක්‍රියා කරයි.

ජනාධිපතිවරණ කාඩ් සෙල්ලම ඉදිරියට යද්දී එක දෙයක් පැහැදිලි වනු ඇත. ඇත්තටම සිදුවිය හැක්කේ වෙනත් ක්‍රීඩකයන් යටපත් වෙද්දී අගමැතිතුමා සතුව තුරුම්පු තිබෙන බව හෙළිදරව් වීමයි.

තුරුම්පු අංක 1 – එජාප මැතිවරණ තේරුම් කමිටුව

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වනු ඇත්තේ කවුදැයි අවසානයේ තීරණය කරන්නේ සුළු පිරිසකගෙන් සමන්විත කණ්ඩායමක් විසිනි. එම කණ්ඩායම වන්නේ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය හා පාර්ලිමේන්තු කණ්ඩායම ඒකාබද්ධ වු පිරිසකි. සියදෙනෙකුට තරමක් වැඩි මෙම කණ්ඩායමෙන් අපට මාධ්‍ය තුළ දක්නට ලැබෙන්නේ හඬ නගන සුළු පිරිසකි.

ඔවුන්ගේ හඬ නැගීම දිගින් දිගටම විශාල ඝෝෂාවක් ඇති කළ ද රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව කෑ ගසන්නේ දුසිමක් තරම් එකම කණ්ඩායමකි. සජිත් ජනාධිපති අපේක්ෂකයා විය යුතු බව ඔවුහු කියති. රනිල් එයට ඉඩ දිය යුතු බව ද කියති. කෘත්‍යධිකාරි මණ්ඩලය කැඳවා එජාප අපේක්ෂකයා කවුදැයි තීන්දු කළ යුතු බව ඔවුහු ඉල්ලි සිටිති.

ශබ්ද නගන්නෝ රැස්වීම් පවත්වති. මාධ්‍ය සාකච්ඡා පවත්වති. රූපවාහිනියේ හා පුවත්පත් වල අදහස් පළකරති. මේ සියල්ල කළ ද කිසිවක් සිදු නොවෙයි. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වීමක් හෝ ඡන්ද විමසීමක් සිදු නොවේ. මෙයට හේතු විය හැක්කේ ප්‍රශ්නය විධිමත් ලෙස ඉදිරියට ගෙනයාමට අවශ්‍ය ඡන්ද ප්‍රමාණය ඔවුන් සතුව නොවීමයි. ඡන්දය ඇත්තේ කිසිදු හඬක් නොනගන තැනැත්තා සතුවය. ‍ඔහුට කලබල වීමට අවශ්‍යතාවක් නැත.

තුරුම්පු අංක – 2 සුළුතර ඡන්ද පදනම

සුළුතර ඡන්ද දායකයාගේ ඉහළම විශ්වාසයක් ඇති ජනාධිපති අපේක්ෂකයා වන්න් රනිල් වික්‍රමසිංහ මහතා බව ඕනෑම දේශපාලන විචාරකයකුට පිළිගැනීමට සිදුවනු ඇත. මෙය ඔහුගේ දේශපාලන ජීවිතයේ දශක ගණනාවක් තුළ ගොඩනගාගත් විශ්වාසයකි.

ආධිපත්‍යධාරි විධායක ජනාධිපති වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා මෙම සුළුතර ප්‍රජාවන්ගේ විශ්වාසය දිනා ගැනීමට විශාල උත්සාහයක් දැරූවේය. කෙසේ වෙතත් 2015 ජනාධිපතිවරණයේ දී ද මෙම ජනවර්ගයන් අතර ඔහුට හිමිවුයේ දුර්වල පිළිගැනීමකි. මෙවර ඔහුගේ සොයුරු ගෝඨාභය රාජපක්ෂ මහතාට සුළුතර ඡන්ද දිනාගැනීමට තවත් අමාරු වනු ඇත. මැතිවරණයට ඇත්තේ මාස තුනක් පමණක් වන විට ගෝඨාභයගේ අපහසුතාවය තවත් වැඩිය. සුළුතර ඡන්දදායකයාගේ පිළිගැනීමක් ලබාගැනීමට ප්‍රමාණවත් තරම් කාලයක් ඔහුට නැත.  

තුරුම්පු අංක 3 – බලයේ සිටීමේ වාසිය

රටේ සියලුම දෙනා රනිල් වික්‍රමසිංහ නාමය දනිති. ඔහු ජනාධිපති නොවුව ද ඔහු බලයේ සිටින ජනාධිපතිවරයකුට ඉතා කිට්ටු තත්ත්වයක සිටින්නෙකි. බලයේ සිටින සිටින එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ අගමැති ඔහුය. බලය මෙහෙයවීමේ ආයතන රාශියක් පාලනය ඔහුගේ පක්ෂය සතුය. ඊටත් වඩා වැදගත් දෙය එජාපයට විරුද්ධ වන්නන්ට එබඳු පාලනයක් නොමැති වීමයි. ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉතාම ප්‍රබල දේ‍්ශපාලන පක්ෂයේ නායක ලෙස ඔහු ස්ථාවර වී ඇත. සම්පූර්ණයෙන්ම තම පාලනය සතුව නැතත්, මේ අවස්ථාවේ රාජ්‍ය යාන්ත්‍රණය එජාපයට වාසිදායක තත්ත්වයක් ලබාදෙයි.

දිනන අපේක්ෂකයා

අගමැතිතුමාට එරෙහිව දිගටම කියන විවේචනයක් නම් ඔහු ජයග්‍රහණය කරවිය නොහැකි අපේක්ෂකයකු බවයි. සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියට දමන්නේ එජාප නායකයන් අතරින් ජයග්‍රහණය කිරීමේ වැඩිම අවස්ථාව ඇත්තේ ඔහුට බව කියමිනි.

වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඔහුගේ ඡන්ද බල ප්‍රදේශයෙන් පිටත එතරම් දැන සිටියකු නොවී සිටිය දී හිටපු ජනාධිපති හා කීර්තිමත් දේශපාලඥයකු වු මහින්ද රාජපක්ෂ මහතා පැරද වු ආකාරය ගැන මතක්කර ගැනීමට කෙනෙකුට එතරම් දුරක් අතීතයට යායුතු නැත. මහින්ද රාජපක්ෂ මහතා බලයේ සිටි ජනාධිපතිවරයා ලෙස රාජ්‍ය යාන්ත්‍රණයේ පාලනය අතැතිව සිටියේ ඔහුගේ දේශපාලන ජීවිතයේ ඉහළම පිළිගැනීමෙන් එතරම් දුර්වල වී නොවේ.

අද රනිල් වික්‍රමසිංහ මහතා සිටින්නේ පසුගිය ජනාධිපතිවරණයේ දී සිරිසේන මහතා සිටි තත්ත්වයට වඩා ඉතාමත් වාසිදායක තත්ත්වයකය. තමන්ගේ පක්ෂ අපේක්ෂකයා ලෙස ඔහු පක්ෂය විසින් තෝරාගනු ලැබීමෙන් පසුව පක්ෂයේ සියලු දෙනා එක්සත් වී අගමැතිතුමාට ඡන්දය දෙන ලෙස පාක්ෂිකයන්ට පවසනු ඇත. සජිත් ප්‍රේමදාස කණ්ඩායමත් ඇතුළුව සියලුම එජාප ප්‍රධාන දේශපාලඥයන් අගමැතිතුමාට සහය පළකළ විට පාක්ෂිකයා ඡන්ද පොළට නොයනු ඇතැයි සිතීම යථාර්ථවාදී නොවේ. ඔවුහු එජාප අපේක්ෂකයාට ඡන්දය දෙනු ඇත.

රනිල් ගැන කවුරු මොනවා කිව්වත් කාටත් පිළිගැනීමට සිදුවන්නේ ඔහු දේශපාලන වශයෙන් ත්‍රිමාණ චෙස් ක්‍රිඩාවක යෙදී සිටින බවයි. ඊළඟ මැතිවරණය දක්වා ඔහුගේ හැසිරීම බලා සිටින විට පෙනෙන්නේ ඔහුට පොකර් වැනි බරපතළ ක්‍රීඩා ද කළ හැකි බවයි. අද හොඳ පාලනයකින් යුතුව, ඉතාම නිහඬව, හැඟීම්බර නොවී, තම තුරුම්පු පපුව ආසන්නයේ තබාගෙන සිටින රනිල් වික්‍රමසිංහ මහතා ගැන තිබෙන්නේ අව අත්සේරුවකි.

ලාන්ස්ලොට්

උපුටා ගැනීම – ලංකා බිස්නස් ඔන් ලයින්  

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *