“ජනපති යළි කුමන්ත්‍රණයකට සැරසෙයි” – රංගේ බණ්ඩාරගෙන් හෙළිදරව්වක්.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එක්සත් ජාතික පක්ෂය බෙදා වෙන් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කර ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර සඳහන් කළා.

ඒ අරලියගහ මන්දිරයේ පැවති හමුවක් අමතමින් .

ජනාධිපතිවරයා මේ මොහොතේ කල්පනා කරන්නේ ඉදිරි ජනාධිපතිවරණයේ පරාජයෙන් පසු තමන් ආරක්ෂා වීමේ උපක්‍රමික ක්‍රියාමාර්ගයක් ගැන බවත් ඒ හේතුවෙන් ජනාධිපතිවරයා සිතන්නේ ඉදිරි ජනාධිපතිවරණයේ දී තමන්ගේ ආරක්ෂාව සහතික කළ හැකි පුද්ගලයකු ජනාධිපති හෝ අගමැති බවට පත් කිරීමට බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

තමන් සතුව තවත් විශේෂ හඬපට කිහිපයක් ඇති බවත් අවශ්‍ය වුවහොත් ඒවා ඉදිරිපත් කිරීමට සූදානම් බවත් ඔහු එහිදී සඳහන් කළා.

මේ අතර ජනාධිපතිවරයාගේ මේ ආණ්ඩු වෙනස් කිරීමේ කුමන්ත්‍රණය සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ ද එහිදී චෝදනා කර සිටියා.

එහිදී ඔහු සඳහන් කර සිටියේ එවැනි ආකාරයේ ව්‍යවස්ථා විරෝධී වැඩ නැවතත් සිදුකරන්නට නොයන ලෙස ජනාධිපතිවරයාටද අනතුරු අඟවන බවයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *