රනිල්ට ‍දෙන්න ගිය සජිත් පි‍ලේ ලියුම කල්ඉකුත් ‍වෙලා

දින හතක් ඇතුළත් කෘත්‍යාධිකාරි මණ්ඩල‍යේ හා පාර්ලි‍මේන්තු කණ්ඩාය‍මේ ඒකාබද්ධ රැස්වීමක් කැඳවා ජනාධිපති අ‍පේක්ෂකයා ‍තෝරන ‍ලෙස ඉල්ලා සජිත් පිල සකස් කළ ලිපියට අත්සන් ගන්නා අතර එය කල් ඉකුත්ව ‍ගොස් ඇති බව වාර්තා‍වෙයි. එම ලිපිය සකස් කර තිබු‍ණේ දින හතක් ඇතුළත රැස්වීමක් කැඳවන ‍ලෙස කියමිනි. ලිපියට දාතම යොදා තිබු‍ණේ අ‍ගෝස්තු 9 වශ‍යෙනි. ‍කෙසේ ‍වෙතත් දින නමය ‍ගෙවී යන 15දා වනවිටත් ප්‍රමාණවත් අත්සන් සංඛ්‍යාවක් ලබාගත හැකි වී නැත. එ‍ලෙස එම ලිපිය කල්ඉකුත් වු ලිපියක් බවට පත් වී ඇත.

එම ලිපිය 19දා කණ්ඩායම් රැස්වී‍මේ දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ‍වෙත බාරදුන් බව ප්‍රචාරය කළ ද අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන්‍නේ එබඳු ලිපියක් ලැබී නැති බවයි. චන්දිම ගම‍ගේ මන්ත්‍රිවරයා ද මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කී‍වේ තමා රැස්වීම මුල සිට අවසන් වනතුරු එයට සහභාගි වු බව හා ඉහත ආකාරයේ ලිපියක් බාරදීමක් සිදු ‍නොවු බවයි.

15දා පැවති එජාප මන්ත්‍රි කණ්ඩායම් රැස්වී‍මේ දී ද කිසි‍වෙකුත් ජනාධිපතිවරණ අ‍පේක්ෂකයා ‍තේරීම ගැන ප්‍රශ්න කළේ නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *