ජාතික ආණ්ඩුව අස්ථාවර යැයි සිතීම මිත්‍යාවක් – ආචාර්ය අශෝක අබේගුණවර්ධන

ashoka අබේගුණවර්ධන  අවුරුද්දේ ජනවාරි 8 වෙනිදා සිද්ධ වූ ක‍්‍රියාවලිය අපිට නැවුම් අත්දැකීමකි. මෙවැනි දෙයක් ලංකාවේ මීට පෙර සිදුවී නැතිවා පමණක් නොව මාදන්නා තරමින්  ලෝකයෙන් ද  වාරිතාවන සිදුවීම් ඉතා අල්ප ය. මෙතන තිබෙන ප‍්‍රධානම ලක්ෂණය තමයි එක පක්ෂයක නායකයෙක් ඒ පක්ෂයට විරුද්ධ අනිකුත් බලවේග එකතු කරගෙන ජයග‍්‍රහණය කිරීම.  එපමණක් නොව ජයග‍්‍රහණයෙන් අනතුරුව පසු එම පක්ෂයේම නායකයා බවට ද පත්විය. ඇත්තටම මෙය තරමක් සංකීර්ණ තත්ත්වයකි. තමන් නායකත්වය දුන් බලවේගයේ නායකයා ලෙස, ඒ බලවේගය සමග ඉදිරියට ගමන් නොකිරීම තව කාරණයකි. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස ජයග‍්‍රහණයට උරදුන් බලවේග විසිරී  තමතමන්ගේ ගමන් යෑම තවත් කරුණකි.

අනික් පැත්තෙන් ජනාධිපති ලෙස පත් වූ  පුද්ගලයා තමන්ට විරුද්ධව වැඩකළ කණ්ඩායමේ නායකයා බවට පත්වීම හේතුවෙන් අභ්‍යන්තර අරගලයක් ද ඇත. දේශපාලන පක්ෂ  සහ සිවිල් ව්‍යාපාර මේ සංකීර්ණ තත්ත්වය කොහොම ද තේරුම් ගන්නේ කියන එක ඉතා වැදගත් ය.  කොහොමටත් ප‍්‍රධාන පක්ෂ දෙකට ජන  පදනම් තියෙන බව අපි දනිමු. ඊ ළඟට ප‍්‍රධාන මේ බලවේගය වටා දෙමළ, මුස්ලිම්  සහ වෙනත් සුළුජන කණ්ඩායම්  90% වඩා එකතු විය. මේ ජයග‍්‍රහණයට සෘජු ලෙෂ නැතත් ජනතා විමුක්ති පෙරමුණ ද වක‍්‍ර ආකාරයකට විශාල සහයෝගයක් ලබාදී ඇත. මේ සංකිර්ණ තත්ත්වය තුළ උක්ත සමාජ බලවේගයන්ගේ අභිලිෂයන් කිසියම් ප‍්‍රමානයකට හෝ ඉටුකරන්නේ කෙසෙ ද යන ගැටඵවට මේ ආණ්ඩුව දන් මුහුණ දී තිබේ.

එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් ගත්කළ මට පෙනෙන ආකාරයට  බලාපොරොත්තු වූ තරමින් සංවිධානාත්මකව වේගයෙන් එන්නට ඒ අයට නොහැකි වී් තිබේ. මගේ ඇස්තමේන්තුවට අනුව අලූතෙන් ලැබුණු අවස්ථාව මෙයට  වඩා සුභවාදි දෙයක් මේ රටට කරනු ඇතැයි මම සිතුවෙමි.  එසේ නොහැකි වී ඇත්තේ ඔවුන්ගේ  ඒ බලවේගවල නායකතව දැක්මේ අඩුපාඩුවක් ද, එහෙම නැත්නම් සංවිධානාත්මක කුසලතාවයේ  අඩුපාඩුවක් ද, එසේත් නැත්නම් වසර 20ක් පමණ විපක්ෂයේ හිටි නිසා එකවරම  අතට වැටුණ දේ අල්ලා ගන්නට බැරිවුණා ද යන්න මා දන්නේ නැත. කෙසේ නමුත්  එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් ගත්තත් මේ අභිලාෂයන් ඉටු කිරීමේ දී ප‍්‍රමාණවත් තරම් දායකත්වයක් ලැබුණේ නැති බව පැහැදිළි ය. එවිට මේ සියල්ලේම සැබෑ වග උත්තරකරුවා වී තිබෙන්නේ ජනාධිපතිතුමා ය. සියල්ලන්ම ඡුන්දය දුන්නේ ජනාධිපතිතුමට වන හෙයින් එසේ කීම සාධාරණ ය.  එතුමාට සහය දුන්බලවේග දැන් වෙන වෙනම සිටිති. ජනවාරි 8වෙනිදායින් පසු මේ රටේ ප‍්‍රශ්නවලට සුභවාදි දිසාවකින් පිළිතුරුදීමට එතුමා  එක්සත් ජාතික පක්ෂයට එතුමා ඉඩදී තිබුණි.  ඒ නිදහසින් ඒ අය ප‍්‍රයෝජනය ගත්තේ ද නැත.

ඊ ළගට න්‍යායාත්මක බැලූ කළ  එම බලවේගයේ නායකයා ලෙස මෛත‍්‍රිපාල සිරිසේන මැතිතමාව පිළිගත්තා නම් එක්කෝ   හංස සන්ධනය යටතේ එක්සත්ව තරගකර නායකයා ලෙෂ සිරිසේන මැතිතුමා  ඒ බලවේගයේ නායකත්වයට පත්කළ යුතුව ය.  ඒ දෙකම නැතිවූ තත්ත්වයක් තුළ මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමාට තමන් පරාජය කළ  බලවේග දෙස නොබලා කරන්නට දෙයක් නැත. ඒ වුණාට  එතනදී ද මතුවන  ප‍්‍රතිවිරෝධතා අප තේරුම් ගතයුතු ය. එතන දී   ද තමන්ව පරාජය කළ  මිනිසාට එක්වරම හිත හදා ගන්නට  කුට්ටිය පිටින්ම  දෙන්නට ශ‍්‍රි ලංකා නිදහස් පාක්ෂිතයාට පුළුවන්කමක් නැත. දැන් කලානුත් එහෙම ගිය කට්ටිය  අවිල්ලා තිබේ. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය, අනුර බණ්ඩාරනායක මහතා  වැනි අය එසේ ගොස් නැවත පැමිණිය හ.   නමුත් තමන්ගේ පක්ෂය තීරණාත්මක මොහොතේ ඒ අය පරාජයට පත් නොකළ හ.  ඒ නිසා මෙතන දී දවස් දෙක තුනකට කලින් තමන්ව පරාජයට පත්කළ මිනිසා තමන්ගේ නායකයා ලෙස පිළිගන්න කීමේ දී යම්කිසි ආරවුලක් තිබේ.  මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමාටත් මෙන්ම. ජනතාවටත් ඒ ගැන අවබොධවයක් ඇත. අනික් අතට මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා  පදනම් වූ ඡුන්ද ලක්ෂ 62 බලවේගය පාවා දී යන්නට ද නොහැක.  ඒ උභතෝකෝටිකය තුළ ජනාධිපතිතුමා සිරවිය.  ඒ නිසා එක පැත්තකින්  ශ‍්‍රිලනිපය තුළ බලය තහවුරු කරගැනීමේ,  ඒ වැඩපිළිවෙල කරගෙන යන්නට එතුමාට සිදුවිය. අනික් පැත්තෙන් එජාපය ප‍්‍රමාණවත් තරමින් කියාත්මක නොවන නිසා  එවට ද මැදිහත් වෙන්නට  ජනාධිපතිතුමාට සිදුවුනි.

සිවිල් සමාජයේ දුර්වලතා

එ් වගේම ව්‍යාපාරයක් හදාගෙන රාජ්‍ය බලය අරගෙන භාවිතා කිරීමට ද එතුමා සූදානම් වී සිටියේ නැත.  ඒ තත්ත්වය තුළ එතුමාගේ කියා යාන්ත‍්‍රණයක් ද ද නොවී ය. මේ සංකීර්ණ තත්ත්වයන් තුළ සිවිල් සමාජය කණගාටුවට පත්වීම, අපේක්ෂ භංගත්වයට පත්වීම සාධාරණ ය. හැබැයි මම හිතනවා සිවිල් සමාජය  මේ සියලූ දේශපාලන පෙලගැසීම්  දිහා බලා  තමන්ගේ කාර්යභාරය  තව පියවරක් ඉදිරියට ගෙනියන්නට අවශ්‍ය බව. සිවිල් ව්‍යාපාරයේ යහපත් ප‍්‍රතිපත්ති ටිකක් තිබුණි. යහපත් අදහස් ටිකක් තිබුණි.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම,  මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීම පමණක් නොව  ¥ෂිතයින්ට දඬවම්දීමට අලූතෙන් ක‍්‍රමවේදයන් සකස් කිරීම වැනි දේවල්  කළේ නෑ කියන දොස් කියන මට්ටමට තමයි ඒ අය ගියේ. හැබැයි  මේ සංකිර්ණ දේශපාලන තත්ත්වය තේරුම්ගත්තා නම් ඒ අයට පුලූවන්කම තියෙන්නට  ඕනේ, දේශපාලන හිරවීමුත් දැනගෙන නිර්මාණශිලීව මැදිහත් වන්නට. සිවිල් සමාජයේ මම දැකපු ලොකුම අඩුව තමයි ඒක.

මෛත‍්‍රිපාල සිරිසේන මහතාට ඇති දුෂ්කරතාවයන් පිළිබඳව  ඒ අයට ප‍්‍රශ්නයක් නැත.   එක්සත් ජාතික පක්ෂය හෝ ජනතා විමුක්ති පෙරමුණට ද ඒ   දුෂ්කරතාවයන් පිළිබඳව   තැකීමක් නැත. දෙමළ සන්ධානයටත් විශාල ප‍්‍රශ්නයක් තිබේ. අපි බලාපොරොත්තු වුණාට දෙමළ සන්ධානය ආණ්ඩුව සමග සම්බන්ධ වී වැඩ කළයුතු බවට. දශක කිහිපයක් තිස්සේ දෙමළ සමාජය තුළ කැකෑරී තිබුණු මතයක් අභිබවමින් ඒ අය ද එතැනට පැමිණිය යුතු ය. ඒක ලෙහෙසි පහසු අභියෝගයක් නොවේ. ඒ අභියෝගය මහ මැතිවරණයේ දී ඒ අය සාර්ථකව ජයගත් හ. අන්තවාදි බලවේග වෙනම ඡුන්දයට ඉදිරිපත් වෙද්දී ඒ  අයට එකදු ආසනයක්වත් ලබානොදී ආසන සියල්ලම දෙමළ සන්ධානය ගැනීමට සමත් විය. ඒ නිසා මම හිතනවා  ඒ අය මුහුණ දෙන ප‍්‍රශ්නත් සාධාරණව සිවිල් සමාජය පැත්තන් දැකලා, ඒක හරහා යන්නට හැකි නිර්මාණාත්මක විසඳුමක් වෙනුවෙන් තමයි සිවිල් සමාජය පැත්තෙන් ක‍්‍රියාකාරි වියයුත්තේ.

ජනපති ක‍්‍රමය හා මැතිවරණ ක‍්‍රමය

නිදර්ශනයක් ලෙස මා මැදිහත් වූ 20වෙනි සංශෝධනය ගතහැක .20වෙනි සංශෝධනයයි 19වෙනි සංශෝධනය නැත්නම් ජනාධිපති ධූරයේ බලතල කප්පාදු කිරීමයි, මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීමයි එකට  සිදුවිය යුතු දෙයකි. ඒක වෙන වෙනම කිරීමෙන් එකක්වත් හරියට කරගැනිමට නොහැකි වේ. නිදසුනක් වශයෙන් මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් ඒකරාශි වනවිට අපිට එකිනෙකාට පාහන්න බැරි බලවේග එකතුවිය. දැන් සෝභිත හාමුදුරුවන්ගේ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයත්. අතුරලියේ රතන හාමුදුරුවන්ගේ පිවිතුරු හෙටක් ව්‍යාපාරයත් දෙගොල්ලන් හිටියේ පිල් දෙකකය. රතන හාමුදුරුවෝ ප‍්‍රධාන වශයෙන් ශ‍්‍රී ලංකා නිදහස්පක්ෂ සන්ධානයේ සිටිය හ. සෝභිත හාමුදුරුවන් දිගටම හිටියේ ආණ්ඩු විරෝධි පක්ෂත් සමග ය. මේ දෙන්නා එකතු කිරීමේ දි මතුවු ප‍්‍රශ්නය තමයි විධායක ජනාධිපති ක‍්‍රමය සම්බන්ධයෙන් මොකද්ද මතය යන්න තීරණය තීරණය කිරීම.  සෝභිත හිමියන්ගේ මතය වූයේ අනිවාර්යයෙන්ම විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළයුතුයි යන්න ය.  රතන හිමියන්ගේ මතය වුයේ  විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්නට බෑ මැතිවරණ ක‍්‍රමයේ බරපතල වෙනසක් කරලා පාර්ලිමේන්තුවේ සංයුතිය වෙනස් නොකර යන්නයි.

ඒකට ප‍්‍රධාන හේතුව වන්නේ  ජනාධිපති ක‍්‍රමය හඳුන්වා දුන්  පසුව මැතිවරණ ක‍්‍රමය යටතේ මැතිවරණ 8ක් තබා ඇත. මැතිවරණ 6කට කොයි තරම් සන්ධාන ගහගෙන ගියත් ආසන 113 ගන්නට කිසිදු පක්ෂයක් සමත්වූයේ නැත. ඡුන්දෙන් පසුවත්  එකගතාවයන් හදාගන්නට සිදුවිය. අවසානයේ  ආසන දෙකක් තුනක් තියෙන අයට ආණ්ඩුව කුමක් ද යන්න තීරණය කිරීමේ හැකියාවක් තිබුනි.  අවස්ථා දෙකකදි පමණයි එසේ නොවූයේ. එක අවස්ථාවක් 89 දී දකුණේ කැරැුල්ල අවසන්‘ වූ අවස්ථාව ය.  2010 දී උතුරේ යුද්ධය අවසන් වූවායින් පසුව ඇතිවූ අවස්ථාව දෙවැන්න ය.. විශාල පරතරයකින් නැති අවස්ථාවල කිසිසේත්ම ස්ථාවර ආණ්ඩුවක් හදන්නට නොහැකි ය. ප‍්‍රශ්නයක් ඇති නොවුයේ විධායක ජනාධිපති ක‍්‍රමය තිබූ බැවිනි.  රතන හිමියන්ගේ පාර්ශවයේ ප‍්‍රශ්නය වූයේ මැතිවරණ ක‍්‍රමය  වෙනස්කර  සාමාන්‍ය තත්ත්වයන් යටතේ පැහැදිළි බහුතරයක් එක පක්ෂයකට ගන්නට  හැකිවිය යුතු බව ය. එහෙම මැතිවරණ ක‍්‍රමයක් සමග එන්නේ නම් විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස් කරන්නට උන්වහන්සේ එකග විය.  නමුත් ඒ සඳහා  සෝභිත හිමියන් සමග සිටි බලවේග, දෙමළ ස9හ මුස්ලිම් බලවේග එකගවූයේ නැත. මක්නිසා ද යත්, ඒ අයට කේවල් කිරිමට පාර්ලිමේන්වේ තියෙන අස්ථාවරබවත් අවශ්‍යය ය.   ඒක ගැන එකගතාවයකට එන්නට නොහැකි විය.  එතන දි ඉදිරියට පියමං කිරීමට ඉදිරිපත් කළ යෝජනාව තමයි  විධායක ජනාධිපති ක‍්‍රමයේ ඇති ඒකාධිපති බලතල  ඉවත් කරමු කියන එක. ඒ විදියට ගියායින් පසු මොකද්ද විය යුත්තේ කියක එක පස්සේ කථා කරන්න තබා වැඬේ කළේ ය.  පිළිතුරු හෙටක් සහ සාධාරණ සමාජයක් එක් වෙන මොහොතේ තිබුණේ එවැනි තත්ත්වයකි.  මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමාගේ මැතිවරණ ප‍්‍රකාශනය එනවිට  ඒකෙ දී එජාපය තවත් බලවේගත් සිටින නිසා  දෙමළ බලවේග ද අවශ්‍ය නිසා  රථන හිමියන්ගේ යෝජනාවත්, සෝභිත හිමියන්ගේ යෝජනාවත්, එක්සත් ජතික පක්ෂයේ යෝජනාවත්,  වෙනත් යෝජනා සියල්ල සැලකිල්ලට ගෙන එකගතාවයක් හදාගත්තේ ය.

19 සංශෝධනයේ දි ජනාධිපති ක‍්‍රමයේ සැළකිය යුතු සංශෝධනයක් නොවූ නිසා  පාර්ලිමේන්තුව එසේම තබාගැනිමේ යෝජනාවක් තමයි ප‍්‍රායෝගික වූයේ.  එතකොට සුළුපක්ෂවලට කිසි ප‍්‍රශ්නයක් වූයේ නැත. මෙයට අමතරව 20 නැතිව 19 කථා කරන්නට බෑ කියලා ශි‍්‍රලනිපයෙන් වෙනත් යෝජනාවක් පැමිණියේ ය. ඒ නිසා තමයි 20 වෙනි සංශෝධනයේ මුළික යෝජනාව පැමිණියේ.  සැමදෙනාටම එකගවිය හැකි යෝජනාවක් සම්පාදනය කරගන්න අපිට පුළුවන්කම ලැබුණි.  ඡුන්ද පත‍්‍රිකා දෙකක්  ඕනේ බවට සුළු පක්ෂවල යෝජනාවක් තිබුණි. ඒ සඳහා සාකච්ඡුා සිදු වී ඒක කෙරෙන්නට ඔන්න මෙන්න කියන මොහොතේ සිවිල් සමාජයේ රැුල්ලක් ආවා මේක කෙරෙන වැඩක් නොව වහාම මැතිවරණයකට යන ලෙෂ.   මා හිතන ආකාරයට සිවිල් සමාජය පැත්තෙන්  ගැඹුරින් තේරුම් ගත්තා නම් මේක   මීට වඩා හොඳ තත්ත්වයක්  එන්න ති්බුණා.

අද 19 විවෘත කර තිබේ. ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ යෝජනාව  අද වෙනවිට ජනාධිපති තුමා යෝජනාකර ඇත. දැන් අර පරණ 20වෙනි සංශෝධනය වලංගු නැත. පරණ 20 වලංගු වන්නේ 19  තිබෙනවා නම් පමණි. එතකොට දැන් මේක අර පැන්ඩෝරා පෙට්ටිය ඇරියා වගේ කොහෙන් කෙලවර වෙයි ද දන්නේ නැත. මගේ සාමාන්‍ය අදහස නම්  මේ ආකාරයට විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසිකර, මැතිවරණ ක‍්‍රමය පිලිබඳ සාකච්ඡුාව පටන්ගත්තා පසු තවත් දේවල් එකතුවේ.  ඕකට බලය බෙදීම පිළිබඳ සාකච්ඡුාවත් පැමිණි විට  දෙපැත්තෙම ආන්තික සිංහළ මෙන්ම දෙමළ බලවේග ශක්තිමත් වේ. එයින් වන්නේ මැදබලවේග දුර්වල වීම ය.  මැද බලවේග දුර්වලවීම  සංහිඳියාවට ඇති බරපතල අභියෝගයකි.  මම හිතන ආකාරයට සිවිල් සමාජය කියන ආකාරයට විධායක ජනාධිපති ක‍්‍රමය ඉදිරිපත් කළාට කමක් නැත.  හැබැයි ඒක සංයුක්ත යෝජනාවක් දක්වා වැඩිදියුණු කරන්නටත් සංවාදයක් ආරම්භ කළ යුතු ය.  එහෙම කුමක් වූවත් ජනාධිපති ක‍්‍රම අහෝසි කරපන් කියා මේ විසඳන්නට නොහැක.

සිවිල් සමාජය පැත්තෙන් ඉදිරිපත්වන යෝජනා  බොහොවිට දේශපාලන ප‍්‍රශ්න ගැන, වඩා  සංකිර්ණ ප‍්‍රශ්න ගැන හිතන්නේ නැති  හුදෙක් හොඳ මනෝරාජික අදහසක් ලෙස සළකන්නට පුළුවන. ඔවුන් හොද අදහසක් වෙනුවෙන් පෙනී සිටිනවා පමණි.  ඒ නිසා මම හිතනවා ඇත්ත වශයෙන්ම  සිවිල් සමාජය පැත්තෙන් අත්‍යවශ්‍යයි ගැඹුරු දේශපාලනික සීමාවන් අභිබවන්නට පුළුවන්වන්  යෝජනා. ඒවා ඉදිරිපත් කරමින්  එවැනි සංවාදයක් රටපුරා හදන එක ඉතා වැදගත් ය.

දූෂණ වංචා සෙවිම

මගේ කණගාටුව වන්නේ ¥ෂිතයින්ට දඬවම් නොදීම ය.  ඒක ප‍්‍රශ්නයකි.  ඒක දෙපැත්ත කැපෙන ආයුධයක් ලෙෂ සළකන්නට සිදුවේ.  මම කියන්නේ දඬුවම් දිය යුතුය.  හැබැයි ද`ඬුවම් දිය යුත්තේ මේ සිල්ලර ඒවාට නොවේ. අපි උද්ඝෝෂණය කළේ මැතිවරණ කාලයේ කළ දේවලට එරෙහිව නොවේ.  අපි උද්ඝෝෂණය කළේ මේ රටේ වූ දැවැන්ත  සංවර්ධන ව්‍යාපාර ආශ‍්‍රිතතව සිදු වූ  බරපතල ¥ෂණයන්ට එරෙහිවය.  ඒවා  මිලියන් ගණන්වල ¥ෂණයන් නොවේ.  එවැනි කිසිවක් පසුගිය මාස 10 තුළ  සංයුක්තව එළියට ආවේ නැත.  දැන් අපි කථා කරන්නේ බොහොම සිල්ලර ඒවා ගැන ය. අයි. ටී එන්. එකට බිල ගෙව්වා ද නැත්ද? සිල් රෙදි වලට සල්ලි වංචාකළේ කොහොම ද? යන කරුනු පිළිබඳව ය. ඒවා ද ප‍්‍රශ්න වන නමුත් ඒ සිල්ලර ප‍්‍රශ්න මත යමින්  බරපතල චෝදනා තිබෙන ඒවා ගැන විමර්ෂණයක් නොකිරීම  චූදිතයින්ට  බලපත‍්‍රයක්  ලබාදීමකි. ඒ අනුව  උඹලා කිවූ හොරකම් හා ¥ෂණ පලිගන්න කළ ඒවා බව කියන්නට ඒ අනුව අවසරයක් ලැබේ.   මහා පරිමාණ ගසා කෑම්වලට එරෙහි පරික්ෂණ කෙරෙන්නෙ නැත්තේ ඇයි යන්න  සි්විල් සමාජය පැත්තෙන් මතු කළයුතු ය.  මේ පරික්ෂණ නොකිරීමට දේශපාලන හස්තයන්  කෙසේ හැසිරෙනවාද කියන්නට මම දන්නේ නැත.

ඒ නැතත් රටේ තියෙන ලොකු අර්බුදයක්  විමර්ෂණයන් කිරීම වෘත්තියමට ක‍්‍රමයකට නොවෙයි කෙරෙන්නේ.  විමර්ෂණයක් කරන එක නීතිඥයින් විසින් කරන එකක් පමණක් නොවේ.  මේක පිටිපස්සේ නොයෙක් ආකාරයට ගේම් ගසන්නට පුලූවන.  එක බැලූ බැල්ම ට  පෙනේනනේ නැත. ඒ වංචා ඒක තිබෙන්නේ සැගවිලා ය.  ඒක නිරාවරණය කරගන්නට නම් ප‍්‍රවීනයින් සිටිය යුතු ය. මා වැඩකරන බලශක්ති ක්ෂේත‍්‍රයේ නීතිඥයෙකුට වැරැුද්දක් සොයා ගන්නට නොහැක.  මක්නිසා ද යත්, අර ඒ ව්‍යාපෘතිය සකස් කරන විටම වංචාවද ඇතුලත් කර ව්‍යාපෘතිය සකස් කෙරේ. තාක්ෂණක ඇගයීමක් නොකර ඒක සොයාගන්නට නොහැක. මෙතන එහෙම කණ්ඩායමක් නැත.  විමර්ෂණ බොහොම මතුපිටිනුයි කෙරෙන්නේ.  සපුගිය කාලයේ වූ මහා පරිමාණ වංචා සහ ¥ෂණ ඒ තරමට සූක්ෂම ය. සිවිල් සමාජය එවැනි පරික්ෂණයන් සඳහා ආණ්ඩුවට බලකල යුතු ය.

ජාතික ආණ්ඩුවේ අනාගතය

දැන් පිහිටුවා ඇති ජාතික ආණ්ඩුවේ අගමැති එක පක්ෂයක නායකයා වේ. ජාතික ආණ්ඩුවේ දෙවැනි කණ්ඩායමේ නායකයා මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා ය. එතකොට ජාතික ආණ්ඩුවක්  හැදීම පිළිබඳ අදහස මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් කළේය.  රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාත් සමග ඇති මේ ජාතික ආණ්ඩුවට න්‍යාය පත‍්‍රයක් නැත.   එජාපයේ අය ඒ කට්ටිය ගේ වැඩ කොටස කරති.  ශ‍්‍රිලනිපයේ අය ඒ අයගේ කොටස කරති.  එවැනි තත්ත්වයක් තමයි තිබෙන්නේ.  දෙගොල්ල එකතුවෙලා මොකද්ද කරන්නේ සහ දෙගොල්ල වෙන වෙනම මොකද්ද කරන්නේ කියන එක ගැන  පැහැදිළිකමක් නැත.  ඒ අඩුපාඩුව විසඳාගත යුතු ය. එතනත්  නිර්මාණශීලි අදහස් වල හිගයක් තමයි තිබෙන්නේ.  නැතනම් ඒක ලේසියෙන් විසඳා ගන්නට තිබෙන ප‍්‍රශ්නයකි.

මේ එකතුවෙන් රටට ප‍්‍රයෝජනයක් තිබිය යුතු ය.  එම ප‍්‍රයෝජනය සඳහා එකට එකතු වී වැඩකරන්නට පුලූවන් දේවල් මොනවා ද?  පරස්පර ඒවා මොනවාද යන්න තීරණය කළ යුතු ය. සමහර විට පරස්පර දේවල් ගැටුම් තුළින් යන්නට ද පුළුවන. දැන් මේ ආකාරයට  එක පැත්තකින් ශ‍්‍රීලනිපය තුළ අවුල් ප‍්‍රමාණයක් ඇත. අනික් පැත්තෙන් එජාපය ඇතුලේ ද අවුල් ප‍්‍රමාණයක් තිබේ.  එතකොට, මේවා එකිනෙකා පාවිච්චි කරනවා ද  තමන්ගේ වාසිය සඳහා  කියන එක තමයි මේ වෙලාවේ සාකච්ඡුා වෙන්නේ.    ඒ කාරණය සම්බන්ධයෙන් ගතහොත්,  ජනාධිපතිතුමත්, අගමැත්තුමත්,  ඒ තියෙන   ව දියාරු තත්ත්වයන්ගෙන් අයුතු ප‍්‍රයෝජන ලබාගන්නට යන්නේ නැත. මම ඒක පුද්ගලිකව විශ්වාස කරන දෙයකි.  ඒ පුද්ගලයින් දෙදෙනාගේ චරිත ස්වභාවය දෙස බැලූ කළ ඒ මට්ටමට ඒ දෙන්නා වැටෙන්නේ නැත.  දේශපාලන වශයෙන් හැප්පෙන්නට පුලූවන.  නමුත් අරයව පරාජය කිරීමට මම පිරිසක් කඩා ගන්නට  ඕනේ යනාදි ලෙස  හිතන්නේ නැත. ඒ නිසා  මතුපිටින් එහෙම සංවාදයක් තිබුණාට  ඒක මාධ්‍යවලින් පිම්බුවාට එහෙම දෙයක් නැත.

හැබැයි දේශපාලන විසංවාදයක් ඇත. පලාත්පාලන මැතිවරණයේ දී අනිවාර්යයෙන්ම දෙන්නා දෙපැත්තෙ නායකයින් බව තේරුම්ගත යුතු ය. එවිට දේශපාලනිකව ගැටෙන්නට සිදුවේ. එහෙම තීරණාත්මක ගැටීමක් වෙන වෙලාවේ දී  තමන්ගේ තියෙන සියලූ  අවි වලින් පහරදීමක් වෙන්නට ද පුළුවන.  හැබැයි ඒක දේශපාලන අර්ථයෙනි.  ඒකේ ප‍්‍රතිඵලය කුමක් වූවත්  එහි දි එජාපයට වාසිදායක ප‍්‍රතිඵලයක් ආවොත් බොහොවිට මේ තියෙන විදියටම ඉස්සරහට යෑමට පුලූවන.  හ එජාපයට අවාසිදායක ප‍්‍රතිඵලයක් පැමිණියහොත්   මේ ජාතික ආණ්ඩුව බිඳවැටේ යැයි මා සිතන්නේ නැත.   අගමැති ධූරයේ රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාට දිගටම ඉන්නට තිබෙන ඉඩකඩ වැඩිය.  එයින් කියන්නේ ශ‍්‍රීලනිපයට වාසිදායක ප‍්‍රතිඵලයක් ආවත් ඒක වෙනස් නොවන බව ය.

මම හිත්නනේ නෑ ඒ අවබෝධය බිඳ වැටෙයි කියලා.  මම හිතනවා පැහැදිළිවම  අවුරුදු දෙකක කියලා කථා කළාට  අවමය වසර 3ක් වත්  පැහැදිළිව ම කිසිම අස්ථාවර භාවයක් ජාතික ආණ්ඩුවේ ඇත්වෙන්නේ නැත.  ප‍්‍රශ්නය තියෙන්නේ මේ  අවුරුදු දෙක තුන ඇතුළත රට මොකද්ද ලබාගන්නා ජයග‍්‍රහණය  කියන එක ය. දැන් යන තත්ත්වය හැටියට එහෙම ජයග‍්‍රහණයක් ලබාගන්නා බවක් පෙනෙන්නේ නැත.  ඒ සඳහා නිර්මාණශීලි සංවාදයක් නැත. නිකම්ම වසර දෙක. තුන ගෙවි ගියොත් අන්තිමට ඛේදවාචකයකින් කෙළවරවීමට පුළුවන.  එසේ වුවහොත් පක්ෂ දෙකේම  අනික් පාර්ශව එළියට බහිනට ඉඩ තිබේ. දෙමල ජාතික සන්ධානය ද  කොනකට තල්ලූ වන්නට පුළුවන. එය අවුල් ජාලාවක් වෙන්නට ඉඩ තිබේ.  ස්ථිරවම දේශපාලන ස්ථාවරභාවය නම්  අවුරුදු දෙක තුනක් තියේවි.  ඒක තුළ  රටට යමක් කරගන්නට පුළුවන් ද?  සහ කොාහාමද කරන්නේ කියන අභියෝගය තමයි  ඉතුරුවී තිබෙන්නේ. ඒ නිසා දේශපාලන වශයෙන් ඇතිවෙන නොසන්සුන්කම් මම විශ්වාස කරන්නේ නෑ  මේ වසර තුනක  අවබෝධාත්මක ගමනට බාදාවක් වෙන බව.

මහින්ද පාර්ශවයේ අනාගතය

මහින්ද මහත්මයාගේ තීරණාත්මක වැටීම සිදුවෙන්නේ ජනාධිපතිවරණයේ දී ය. මහින්ද රාජපක්ෂ මහත්මයා ශක්තිමත්වම සිටියේ ඒ වෙලාවේ.  පක්ෂයෙන් කැඩි ආවෙත් හතර පස්දෙනෙකි.  ඒ වැටිල්ලෙන් පසු  එයා සමග සිට තව කට්ටියක් මෛත‍්‍රිපාල සිරිසේන මහත්තයාට එකතු විය. පසුව ජාතික ආණ්ඩුව හැදුණි.  එතකොට තවත් කොටසක් එකතුවිය.  ඊටපසු මහ මැතිවරණයෙන් පසු ශ‍්‍රිලනිපයේ මධ්‍යස්ථ බලවේග සියල්ල එකතු විය.  සුසිල් පේම‍්‍ර ජයන්ත, නිමල් සිරිපාලද සිල්වා හා ජොන් සෙනෙවි රත්න යන පිරිස එයට අයත් ය..   ඇමති මණ්ඩලය නම්කරන විට  නිශාන්ත මුතුහෙට්ටිගම දක්වා පිරිසක් පැමිණියේ ය.  තව ඉතිරි වී සිටින්නේ සුළු පිරිසකි.  ඒ පිරිස  ගමනක් තියෙනවා ද නැත්ද කියන එක තීරණය කරන්නේ, ඒඅ ය නොව ආණ්ඩුව ය.

ඇත්තටම මෙතන ක‍්‍රියාකාරීව සිටින්නේ ඒ පිරිස නොව ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් පිට සිටින  සුළු පිරිසකි.  ඒ ගොල්ලන්ට  ඕනේ විදියට නටන්නට  සිද්ධ වෙනවා මේ අයට. තව පොඩි වැඩයි මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමාට කරන්නට තිබෙන්නේ.  දැනට ඉතුරු වී සිටින සුළු කණ්ඩායමෙන්  සියයට 80ක් බොහොම පහසුවෙන්  දේශපාලන වැඩ පිළිවෙලක් හරහා ගත හැක.  එසේ ගත්තාම ඉතිරි සියයට  20 මොනවා කළත්  ඒ අය මැතිවරණ සිතියමෙන් මැකී යනු ඇත. ඒක තමයි යථාර්තය

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *