කවුරු ‍‍මොන ‍‍සෙල්ලම් දැමුවත් ජනපතිවරණය ‍දෙසැ:8ට ‍‍පෙර – ඇමති වජිර අ‍‍බේවර්ධන

කවුරුන් ‍මොන ‍මොනවා කරන්න සැලසුම් කළත් සැප්තැම්බර් ‍‍දෙවනදාට පසුව ඕනෑම අවස්ථාවක ජනාධිපතිවරණය කැඳවීම සිදු විය හැකි බවත්, ‍‍දෙසැම්බර් 8දාට ‍‍පෙර එය පවත්වා අවසන් කළ යුතු බවත් ස්ව‍‍දේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අ‍‍බේවර්ධන මහතා ප්‍රකාශ ක‍‍ළේය. ජනාධිපතිවරණ‍යෙන් වත්මන් ජනාධිපතිවරයා ජයගත‍‍හොත් ඔහු‍‍ගේ මුළු නිල කාලය ජනවාරි 8දා නිම කොට නව තනතු‍‍රේ දිවුරුම් දියහැකි බවත් අ‍‍බේවර්ධන මහතා කී‍‍වේය. එ‍‍සේ වුව‍‍හොත් වත්මන් ජනාධිපතිවරයා‍‍ගේ නිල කාල‍‍යෙන් සති කිහිපයක් අහිමිවන නමුත් එයට කළ හැකි ‍‍දෙයක් නැති බව ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

සති අන්ත‍‍‍යේ කරන්‍‍දෙනියේ පැවති උත්සවයකට එක්‍‍වෙමින් ඇමති වජිර අ‍‍බේවර්ධන මහතා වැඩි දුරටත් සඳහන් ක‍‍ළේ ‍නො‍යෙකුත් ‍‍දෙනාට ‍‍වෙන ‍‍වෙන න්‍යාය පත්‍ර තිබුණද නීතිමය තත්ත්වය අනුව ‍‍නොවැම්බර් 8 හා ‍‍දෙසැම්බර් 8 අතර දිනක ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්විය ‍‍නොහැකි බවයි.‍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *