‘ජනපතිවරණය පහසුවෙන් ජයගැනීමට එජාපය එකමුතුව ඉදිරියට යා යුතුයි’ – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ


 
එළඹෙන ජනාධිපතිවරණය පහසුවෙන් ජයග්‍රහණය කළ හැකි අතර ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ සියලුදෙනා එකමුතුව හා එක්සත්ව නව සන්ධානය පිහිටුවා ගනිමින් ශක්තිමත්ව ඉදිරියට යා යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී අද(19) පැවසීය.
 
2015 සිට විවිධ අභියෝග හා දුෂ්කරතාවලට මුහුණ දෙමින් බහුතර බලයක් නොමැතිව තම ආණ්ඩුවට විශාල සංවර්ධන වැඩ කොටසක් සිදු කිරීමට හැකි වූ බව පැවසු අග්‍රාමාත්‍යවරයා කෙටි කාලයක් තුල මෙතරම් වැඩ කොටසක් සිදුකළ ආණ්ඩුවක් තවත් නැති බව සිහිපත් කළේය. 
 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ අද(19)  අරලියගහ මන්දිරයේදී පැවති ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ 2019 වර්ෂය සඳහා ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහන සහ එහි ප්‍රගතිය සම්බන්ධව මාතර, හම්බන්තොට, කළුතර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල පළාත් පාලන මහජන නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවේදීය.
 
මහජන නියෝජිතයින් වශයෙන් දැන් සිටම ජනතාව අතරට ගොස් අප රජය  සිදුකළ සහ ඉදිරියේ සිදුකරණ වැඩකටයුතු පිළිබදව දැනුවත් කර මූලික පියවර ආරම්භ කරන ලෙස පළාත් පාලන නියෝජිතයන් හමුවේ සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා සියලුම පාර්ශව එකමුතුවී සන්ධානය පිහිටුවා එළඹෙන මැතිවරණය ජයග්‍රහණය කර බලය  තහවුරු කරමු යැයි වැඩිදුරටත් සඳහන් කළේය.

අංජුල මහික වීරරත්න

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *