ඇයි අපට JVP එකට සහාය දෙන්න බැරි ? – රනිල් අසයි !

ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඊයේ (18) නම් කරනු ලැබූ අනුර කුමාර දිසානායක මහතාට සහාය දිය යුතුය යන්න තම පෞද්ගලික අදහස බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

තම සමීපතම අභ්‍යන්තර කවයේ හිතවතුන් පිරිසක් සමඟ ඊයේ රාත්‍රියේ පැවති සංවාදයකදී ඒ මහතා මේ බව සඳහන් කර ඇත. 

“මම තාම තීරණයක් අරගෙන නෑ, මම ඉදිරිපත් වෙනදවද, කාවද අපේක්ෂකයාට දාන්නෙ කියලා. 

ඡන්දෙකදි දිනන එකයි අංක එකට වැදගත් වෙන්නෙ. අනිත් හැමදේම දෙක. දිනන්න පුළුවන් වෙන්නෙ වැඩිම පක්ෂ ගාණක් එකට එකතු කරගන්න පුළුවන් කෙනාට.

2015දි රාජපක්ෂලා එක්ක ඉඳපු කඳවුර එහෙම්ම එකට ඉන්නවා මේ පාරත්. අපේ කඳවුර තමයි විසිරිලා තියෙන්නෙ. 

තනි පක්ෂවලට දැන් ඡන්ද දිනන්න බෑ. එහෙම කවුරු හරි තනියෙන් දිනන්න පුළුවන් කියලා හිතනවා නම් පිස්සුවක්. රාජපක්ෂලා එන්නෙත් සන්ධානෙකින්. අපිත් කරන්න ඕනෙ වැදගත්ම දේ තමයි අපේ සන්ධානය ආපහු හදාගන්න එක. 

අපි හැමදාම ජේවීපී ළමයින්ව යූස් කරනවා. ඇයි අපට අනුරට සපෝට් කරන්න බැරි මේ වතාවෙදි ? 

මං මීට කලිනුත් වතාවක් කිව්වා මතකද, මීළඟ ආණ්ඩුව කාගෙ වුණත් ඒකෙ කැබිනට් එකේ ජේවීපී එක ඉන්න ඕනෙ කියලා … 

අනුර කියන්නේ හොඳ ආකර්ෂනීය අපේක්ෂකයෙක්. අනුර දක්ෂ තරුණයෙක්. අපි හැමෝම දන්නවා. අනික මිනිහට දූෂණ, වංචා චෝදනා මොකුත්ම නෑ. ඒවගේම අපි එකට වැඩ කරපු නැති මිනිස්සු නෙවෙයිනෙ. අපි අතරෙ සෑහෙන අවබෝධයක් දැනටත් තියෙනවා. 

ඉතින් මගේ පෞද්ගලික අදහස නම් අපි මේ වෙලාවෙ අනුරට සපෝට් කරන්න ඕනෙ කියන එකයි. 

පක්ෂෙම කෙනෙක් ඕනෙ කියලා නහින්න හදන්නෙ දේශපාලනේ සරල අංක ගණිතයවත් නොදන්න බබාලා. දැන් ගෝඨාභය එන්නෙ පොහොට්ටුවෙ සාමාජිකත්වය අරන්ද ? නෑනෙ ? 

ටී. එන්. ඒ. එකෙයි, මුස්ලිම් පක්ෂවලයි, වතුකරේ පක්ෂවලයි සහාය ගන්න පුළුවන් නම් මේ රේස් එකට අනුර කියන්නෙ නියම අශ්වයෙක්. මේක මගේ පෞද්ගලික මතය. අපි බලමු ඉතින්” යනුවෙන් එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ බව ආරංචිමාර්ග සඳහන් කළේය. 

LANKA NEWS WEB



Leave a Reply

Your email address will not be published. Required fields are marked *