අපේ රාජ්‍යය අභිමානවත් රාජ්‍යයක් කළ යුතුයි – ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක

අද අපේ රටේ දේශපාලනය කැත, ගඳගහන, පිළිකුල් දේශපාලන පොරපිටියක් බවට පත්වී තියෙනව. මේ කැත, දූෂිත, පිළුණු වු දේශපාලන පොරපිටිය වෙනුවට පිරිසිඳු මහජනයාට ලෙංගතු, අවංක දේශපාලන පොරපිටියක් නිර්මාණය කරන බවට මේ රටේ ජනතාවට අපි සපථ කර ප්‍රකාශ කර සිටිනවා.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා එසේ ප්‍රකාශ කරන ලද්දේ ඊයේ (18) සවස ගාලු මුවදොර පිටියේ පැවති ජනතා විමුක්ති පෙරමුණ සහ තවත් සිවිල් සංවිධාන 28කින් සැදුම් ලත් ජතික ජන බලවේගය සංවිධානය කළ මංගල රැළිය අමතමිනි.

තවදුරටත් කතා කළ අනුර දිසානායක මහතා, මාව යෝජනා කරන ලද ජාතික ජන බලවේගයටත් ඒ කෙරෙහි විශ්වාසය තබන මේ රටේ පොදු මහජනයාටත්, මම සහතික කොට ප්‍රකාශ කරනවා, ඔබ මා කෙරෙහි තියෙන විශ්වාසය, බැඳීම අබමල් රොනකින්වත් හානියකට බඳුන් වෙන්න ඉඩ නොදෙන බවට සහතික කරනවා.

රට ගොඩ නැගීමට අදූශිත දේශපාලකයන්, රට ගොඩනැගීමට උවමනාවක් තියෙන වෘත්තීය ‍වේදීන්, ඒ මෙහෙයට දායකත්වයක් දිය හැකි පොදු ජනයා ඒකරාශි වු මහජන බලවේගය තමයි මහා ජනතා ජාතික බලවේගය ලෙස අද අපි මේ ගොඩනගමින් තිබෙන්නෙ. මේ තමයි මේ රටට අලුත් මාවත පෙන්නුම් කරන බලවේගය.

අද අපේ රටේ දේශපාලනය කැත, ගඳගහන, පිළිකුල් දේශපාලන පොරපිටියක් බවට පත්වී තියෙනව. මේ කැත, දූෂිත, පිළිණු වු දේශපාලන පොරපිටිය වෙනුවට පිරිසිඳු මහජනයාට ලෙංගතු, අවංක දේශපාලන පොරපිටියක් නිර්මාණය කරන බවට මේ රටේ ජනතාවට අපි සපථ කර ප්‍රකාශ කර සිටිනවා.

අපි පොදු ජනතාවට ආරාධනා කරනවා ඒ සමාජ පරිවර්තනය වෙනුවෙන් ඔබ පෙනී සිටින්න. ඔබටත් අපටත් තිබෙන්නේ එකම අපේක්ෂාවක්. අපේ රාජ්‍ය ලෝකය ඉදිරියේ අභිමානවත් රාජ්‍යයක් බවට පත් කළ යුතුයි. ඒ වෙනුවෙන් අපි ලියමු ඒ වෙනුවෙන් අපි එකතුවෙමු. සියලු ජනකොටස් වලට ආරාධනා කරනවා මේ ව්‍යවසනයෙන් රට මුදවා ගැනීම සඳහා ඔබ වෙනස් විය යුතුයි. ඔබ වෙනස්වෙන්නේ නැත්නම්, මේ රට වෙනස් වෙන්නේ නැත.

මේ වෙනස වෙනුවෙන් අපි වැඩ කරමු. ඒ වෙනුවෙන් අපි එකතුවෙමු. ඒ වෙනුවෙන් අපි හඬ නඟමු. ඒ සඳහා මේ සටන ගම් නියම්ගම් කරා අපි ගෙනයමු. සහතික වශයෙන් ජයග්‍රහණය කරන සටනක් අපි නිර්මාණය කරමු.

සටහන:-

ජනතා විමුක්ති පෙරමුණ අවසන්වරට ජනාධිපතිවරණයකට අපේක්ෂකයකු ඉදිරිපත් කරන ලද්දේ මීට වසර 20 කට පමණි ඉහත දී ය. ඒ 1999 පැවැති ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයා ලෙස නන්දන ගුණතිලක ඉදිරිපත් වු අවස්ථාවේයි. ඒ අවස්ථාවේ හිමි කරගත් මනාප සංඛ්‍යාව අනුව එවර ඔවුන්ට හිමි වුයේ තෙවන ස්ථානයයි. ඉන්පසුව 2005 වසරේ පැවති ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතාටත්, 2010 වසරේ දී විපක්ෂයේ පොදු අපේක්ෂක වු සරත් ෆොන්සේකා මහතාටත් සහයෝගය දැක් වු අතර 2015 වසරේ දී කිසිවෙකුටත් ඍජු සහයෝගයක් නොදැක්වු අතර ඔවුන්ගේ ප්‍රචාරක කටයුතු පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණයට රුකුලක් විය. ඒ අවස්ථාවේ පැවති මහින්ද රාජපක්ෂ පාලනයේ ඒකාධිපති වියරුව පරදා පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා විශ්ෂිඨ ජයග්‍රහණයක් ලැබුවේය.

මනෝජ් රූපසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *