ජනාධිපති අපේක්ෂක තේරීම වැරදියි ; මාධ්‍යවේදීන්ට හිරිහැර කරන කෙනෙක් මේ රටට එපා – කුමාර වෙල්ගම

                         අපි ඊයේ මගෙ ගමේ ආරම්භ කළා මොටර් රථ අමතර කොටස් ගෙනල්ලා, අපේ රටේ කොටසුත් දාලා මෝටර් රථයක් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක්. ඒකට ආරාධනා කළා ඒකට ආරාධනා කළා අග්‍රාමාත්‍යතුමාට, ඒකට ආරාධනා කළා මහින්ද රාජපක්ෂ මැතිතුමාට මහින්ද රාජපක්ෂ මහත්තයට එන්න බැරිවුණා. ඒතුමා කිව්ව එතුමාගෙ මල්ලි ජනාධිපති අපේක්ෂකයා නිසා, මල්ලිත් එක්ක ගමන් යොදාගෙන තිබුණ නිසා එන්න බැරිවුණා කියල.

අගමැතිතුමා ඇවිල්ලා ඒක විවෘත කළා. අර ෆොක්ස්වාගන් කර්මාන්ත ශාලාවත් හැදුනෙ නැහැනේ. කොහොම වුණත් සමාජ මාධ්‍ය දාලා තියෙනවා. වෙල්ගම යු.එන්.පී. එකට යනවා කියලා, අගමැතිතුමාත් එක්ක එකට ඉන්න පින්තුර දාලා. දැන් අද දායි, මේ ඉසිරිපිරිතාලේ, මමත් සල්ලි දීලා ගොඩනැගිල්ල හදලා විවෘත කරන එකට මම ආපුවම, රාජිත ඇමතිතුමත් එක්ක එකට ඉඳගෙන  එක අද දායි මම යූ.එන්.පී. එකට යන්න හදනව කියලා.

මම ඔය එක එක පැතිවලට යන්නෑ. මම හොඳ ශ්‍රී ලංකාකාරයෙක්. මගෙ ඉදිරි ජීවිත කාලෙදිත්, මම මැරිලා යන්නෙත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් හැටියට පමණක් කියන එක මම මේ මාධ්‍යට විශේෂයෙන්ම කියන්න ඕනැ. අපේ හෘද සාක්ෂියට එකඟව වැඩ කරන්න මට ඒ අයිතිය තියෙන්න ඕනැ.

ඒ නිසා තමයි මම විශේෂයෙන්ම කියන්නෙ මේ මැතිවරණයේ දි අපේ තේරීම වැරදියි කියන එක. මම ප්‍රාර්ථනා කරනවා, ඊළඟට මේ රටේ රාජ්‍ය නායකයා හොඳ ප්‍රජාතන්ත්‍රවාදි ඒ වගේම ඉක්මන් කේන්ති යන්නෙ නැති. නායකයව හා ආණ්ඩුව විවේචනය කරන කොට, විශේෂයෙන්ම මාධ්‍යෙව්දීන් හිරිහැර කරන කෙනෙක් නම් මේ රටට එන්න එපා කියන එකයි මම ප්‍රාර්ථනා කරන්නෙ.

කුමාර වෙල්ගම මහතා ඉහත ප්‍රකාශය කළේ ඊයේ (18) බණ්ඩාරගම දිසා රෝහලේ පැවති උත්සව සභාවක් අමතමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *