ගෝඨාගේ ප්‍රචාරණ ව්‍යාපෘතියට ඇමරිකානු සමාගමක් එයි – විමල්ට ගම්මන්පිලට ඇඩ්‍රස් නෑ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පූර්ව මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපෘතිය සඳහා විශේෂඥ උපදෙස් ලබාගැනීමට ඇමරිකානු සමාගමක් සම්බන්ධ කරගෙන ඇතැයි වාර්තා වේ. 

සමස්ත ප්‍රචාරණ ව්‍යාපෘතිය නිරීක්ෂණය කරමින් ඊට නව සංකල්ප හඳුන්වා දීමත් දුර්වලතා හඳුනාගෙන ඒවාට පිළියම් වශයෙන් යෝජනා ඉදිරිපත් කිරීමත් මෙම සමාගමට පැවරී ඇති බව සඳහන්. 

විශේෂයෙන්ම ජනාධිපතිවරණය සඳහා තවත් මාස හතරක පමණ කාලයක් පවතින හෙයින් මෙම ප්‍රචාරණ ව්‍යාපෘතියෙහි නැවුම් භාවය එතෙක් ආරක්ෂා කරගැනීම බරපතළ ගැටළුවක් බව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අභ්‍යන්තර කවයේ සාමාජිකයින් විසින් පෙන්වා දීමෙන් අනතුරුව මෙම ඇමරිකානු සමාගමේ සහාය පැතීමට ඔවුන් තීරණය කර තිබේ. 

කෙසේවෙතත් උග්‍ර ඇමරිකානු විරෝධීන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැන්නන් සිය ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපෘතියට ඇමරිකානුවන් රිංගා ගැනීම සාධාරණීකරණය කිරීම සඳහා පවසන දෑ දැනගැනීම මහත් විනෝදනයට හේතුවනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. 

LNW

Leave a Reply

Your email address will not be published. Required fields are marked *