2016 සිට අද වෙනකල් ඇවන්ගාඩ් රැකියා අහිමි වූවන් 5274ක ගේ ප්‍රශ්නයට විසඳුමක් නෑ- ඇවන්ගාඩ් රැකියා වියුක්තියන්ගේ සංගමයේ කැඳවුම්කරු කමල් ගමගේ

අපේ රැකියා අහිමිවීමේ ප්‍රශ්නය එදා (2016) ඉඳලා අපි සාකච්ඡා කළා. අවුරුදු තුනහමාරකට වැඩි කාලයක් ගත වෙලත් තවමත් සාර්ථක විසඳුමක් ලබාගන්න බැරිවෙලා තියෙනව. ඇවන්ගාඩ් සභාපතිතුමා එතුමාට කරන්න පුළුවන් උපරිම ශක්තිය යොදවල ව්‍යාපාරය පටන් ගත්තා. ඇවන්ගාඩ් මැරිටයිම් ව්‍යාපාරය ආරම්භ කිරීමෙන් පසුව මුළු ලෝකයේම නාවික ආරක්ෂක කටයුතු පිළිබඳව හතරවෙනි ස්ථානය ගන්නට ඇවන්ගාඩ් මෙරිටයිම් සමාගමට මේජර් නිශ්ශංක සේනාධිපති මහතාගේ මෙහෙයවීමෙන් හැකි වුණා.

අද වන විට එතුමා විදේශ ගතවෙලා සැත්කම් කීපයකට භාජනය වෙලා ඉන්නවා කියලා අපිට ආරංචියි. එතුමා හමුදා සේවයේ යෙදී සිටි කාලයේ මුහුණ දුන් යුද කටයුතු නිසා ආබාධිත තත්ත්වයට (බැට්ල් කැෂුවල්) පත්වෙලා ඇති නිසයි ප්‍රතිකාර ලබාගන්නේ. අපිට ලැබිලා තියෙන ආරංචි අනුව එතුමා සැත්කම් කීපකට මුහුණ දුන්නා කියලා ආරංචියි. යුද්ධයට මුහුණ දුන් පිරිස් බැට්ල් කැෂුවල්ටි කියන තත්ත්වයට පත්වීම සාමාන්‍ය දෙයක්. එහෙම මුහුණ දුන් පුද්ගලයෙක් තමයි මේ රටට විශාල විදේශ විනිමයක් ලබාදුන් ඇවන්ගාඩ් මිරිටයිම් ව්‍යාපාරය ආරම්භ කළේ.

2016 ඉඳලා  2019 අගේස්තු මාසේ 15 වැනිදා අද මේ වනකල් රැකියා අහිමි වූවන්ගේ ප්‍රශ්න වලට කිසිදු පිළිතුරක් නෑ. ඒ මිනිස්සු හැම කෙනෙක් දුක් විඳිනවා. අපි අපේ හඬ නැවතත් අවදි කරන්නට කල්පනා කළේ මෙන්න මේ කාරණාවන් තමුන්නාන්සේලා ඉදිරියෙ තියන්න. තමුන්නාන්සේලා ගේ මාර්ගයෙන් තවම නිරාකරණය නොවෙච්ච මේ ප්‍රශ්නය ගැන මේ රටේ පොදු මහජනතාව ඉදිරියේ හෙළි කරන්න.  

අපි ප්‍රවෘත්ති පත්‍ර වලින් අනෙකුත් මාධ්‍ය වලින් අහනවා දකිනව නිශ්ශංක සේනාධිපති මහත්තයව අත්අඩංගුවට ගන්න යනවා කියල. මේ පිළිබඳව සත්‍ය තත්ත්වයක් තවම අපි කවුරුවත් දන්නෙ නැහැ. මේ රටේ ජනතාව කිසිම කෙනෙක් මේ ප්‍රශ්නය හරියාකාරව දන්නෙ නැහැ.

එම්.වී. මහනුවර නෞකාව අත්අඩංගුවට ගැනීමේ ප්‍රශ්නයේ ඉඳලා එම්.වී.ඇවන්ගාඩ් නෞකාව අත්අඩංගුවට ගැනීමේ ප්‍රශ්නය දක්වා මේ සියලු දේ දිගින් දිගට දිගින් දිගට ඇදීගෙන ආවා. විශේෂයෙන් එම්.වී. ඇවන්ගාඩ් නෞකාව නාවුක හමුදා බාරයට ගැනීමෙන් පසුව ඇති වූ සිද්ධි දාමයන් ඉතාමත් ව්‍යාකූලයි. නමුත් කිසිම ආකාරයකින් මේ නෞකාව අත්අඩංගුවට ගැනීම පිළිබඳ නීතිය ඉදිරියෙ සාධාරණී කරණය කරන්නට නීතිය ක්‍රියාත්මක කරන අංශ වලට පුළුවන් කමක් ලැබිලා නැහැ.

ඒ නිසා අපි කල්පනා කළා අපි හැමෝටමත්, රැකියා අහිමි වූවන්ගෙ සංගමය විදිහට අපිට ලොකු වගකීමක් තියෙනවා රැකියා අහිමි වූ 5274 දෙනාට සාධාරණයක් ලබාගන්න. ඒ මිනිස්සු ඉතාම දුක් විඳිනවා. ඇවන්ගාඩ් මැරිටයිම් ආයතනයේ සේවය කිරීම ම වෙනතැනක රැකියවක් ලබාගැනීමට නුසුදුසු කමක් වුණා. ඒවගේම පහුගිය වකවානුව තුළ මේ අයගේ දරුවෙක්ව පාසලකට ඇතුළත් කර ගැනීමට, බැංකුවකින් ණයක් ලබාගැනීමට නුසුදුස්සන් වුණා. ඒ වගේම ගත්ත බැංකු ණය ගෙවාගැනීමට බැරුව අසරණ තත්ත්වයට පත්වෙච්ච බොහෝ සාමාජික සාමාජිකාවන් අප අතර හිටියා. ඒ වගේම තමන් ගත්ත වාහන වල බදු කුලිය ගෙවාගන්න බැරුව ඒ වාහන නැවතත් ෆිනෑන්ස් සමාගම්වලටම සින්නක්කර අයිතිය බාරදෙන්න සිද්ධ වෙච්ච අවස්ථා බොහොමයක් තිබුණා. මේ පිළිබදව රජයේ වගකිව යුතුතන්ගේ අවධානය යොමු කරන්න නොයෙක් විදිහට කටයුතු කළා. අපි නොයෙක් සාකච්ඡා වට තිබ්බා. බලධාරින්ව ගිහිල්ලා හම්බ වුණා. නමුත් අදටත් මේ ප්‍රශ්නය කැකෑරි කැකෑරි තියෙනව තාම කිසිම විසඳුමක් නෑ. අපි කල්පනා කළා, මේ ප්‍රශ්නය දිගින් දිගටම ඇදීගෙන යන වාතාවරණයක් තුළ මේ ප්‍රශ්නය පිළිබඳව නීතිය ඉදිරියේ තියෙන නියම ස්වභාවය පිළිබඳව මේ රටේ ජනතාව දැනුවත් කිරීම අපේ වගකීමක් කියලා. මේ මාධ්‍ය හමුව සංවිධානය කළේ.

මෙම මාධ්‍ය හමුවට ඇවන්ගාඩ් රැකියා වියුක්තිකයන්ගේ සංගමයේ ආරධනය පිරිදි එම නඩුකටයුතු මෙහෙය වන නීතිඥ හරිස් හෙට්ටිආරච්චි, ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික කමාන්ඩර් අනුර ආරියරත්න (සභාපති) ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික වින් කමාන්ඩර් එරික් වීරසිංහ (ලේකම්)  යන එම සංගමයේ නිලධාරි මහතුන් ද සහභාගි වූහ.

මනෝජ් රූපසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *