“මගේ ටීම් එක කියන දේ විතරක් කරන්න.ඊට එහා කිසි දෙයක් එපා” ගෝඨාභයගෙන් විමල් වීරවංශට අවවාද

තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන්නේ තමන් විසින් පත්කරන ලද කැම්පේන් ටිම් එක බවත්, ඔවුන් කියන දේ හැර ඊට පිටින් කිසි දෙයක් නොකරන ලෙස පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂය ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතාට දැඩි ලෙස අවවාද කර ඇත. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ඒ මහතාගේ ඡායා රුපයද සහිතව රට පුරා අලවා තිබු පෝස්ටරය සම්බන්ධයෙන් දොස් පවරා මෙසේ අවවාද දී ඇත,

ජාතික නිදහස් පෙරමුණේ පෝස්ටර් ව්‍යාපාරය අනවශ්‍ය වැඩක් බවත් තමා ජනාධිපති අපේක්ෂකයා බව මේ වනවිට රටම දන්නා බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත.

මින් මතුවට තමන්ගේ මැතිවරණ කණ්ඩායමේ අවසරයෙන් තොරව කිසිදු ප්‍රචාරක කටයුත්තක් නොකරන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා තරයේ අවවාද කර ඇති බව ආරංචි මාර්ග පවසයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *