|

අගමැතියි , සජිතුයි එකපැත්තට කඹ අදින සැලැස්මක් : මස් රාත්තලේ න්‍යායෙන් ඉවතට

එජාප අභ්‍යන්තරය යම් තරමකින් උණුසුම් වී තිබුණද අගමැතිවරයා ගෙවීගිය සතිය පුරාම අදාල සියළු උත්සව සහ රැස්වීම් වලට සහභාගි විය. ඒ අතරින් ප්‍රධාන තැනක් ගත්තේ ඇමති සජිත් සමග රණාලේ ඉදිකල නිවාස 400 කට ආසන්න සංඛ්‍යාවකින් යුත් මධ්‍යම පාන්තික නිවාස සංකීර්ණය විවෘත කිරීමට එක්වීමය. එහිදී අගමැතිවරයාට මෙන්ම සජිත්ටද ඉහළ ජනතා ප්‍රතිචාර හිමිවිය.

බදාදා වව්නියා රෝහලේ හදිසි අනතුරු හා වකුගඩු නිවාරණ අංශ විවෘත කිරීමට හා ඊට පසුදා මයිලඩි ධීවර වරාය සමග නිවාස සංකීර්ණය සහ තවත් ව්‍යාපෘති 6 ක්, පසුගිය සිකුරාදා කරවෙඩ්ඩි නිවාස සංකීර්ණයද ජනතා අයිතියට  පත්කළ අගමැතිවරයා ප්‍රදේශයේ සංවර්ධනයට අදාල රැස්වීම් කිහිපයකටද එක්විය. එම උතුරේ සංචාරයට පෙර අගමැතිවරයා දින 3 ක් කොළඹ නොසිටින හෙයින් පොහොය දිනයක් වුවද මැති මැති ඇමතිවරු හා නිළධාරීන් රැසක් අරලියගහ මැදුරට පැමිණ තිබිණ.

“මහින්දගෙ ඔලුවට පිස්තෝලය තියල හරි ගෝඨයි ගෝඨගෙ හමුදා සෙට් එක අපේක්ෂකත්වය උදුරගත්තා. අපේ වැඩෙත් ඉක්මන් කරන්න වෙනවා. මෙතන එජපෙ ඇතුලෙ ලොකු අවුලක් කියල නැත්නම් මිනිස්සු හිතාවි.” සභානායක ලක්ෂමන් කිරිඇල්ල කීවේය.

“එදා මහින්දගෙ මූණෙ ඉරියව් එච්චර සුබවාදී නැතිබව ඉරියව් විශේෂඥයන් කීපදෙනෙක් විග්‍රහ කරල තිබුණා. ගෝඨා දිනුවොත් නාමල් ඉවර නිසා ඔවුන් ලොකු අවුලක ඇත්තේ. ඒ නිසා ගෝඨගෙ ඡන්ද සටනට එයාල කකුලෙන් අදීවි කියලයි ඇතුලෙන් එන ආරංචි කියන්නෙ.” නවීන් දිසානායක කීවේ තමාට ලැබුණු තොරතුරු මත පදනම්වය.

“ගෝඨා අපේක්ෂකත්වයට නම් කළාට පස්සේ පොහොට්ටුවේ හා ශ්‍රීලනිප මන්ත්‍රීවරු කිහිපදෙනෙක් අගමැතිතුමා හමුවුණා කියන්නේ ඇත්තද?” ගයන්ත කරුණාතිලක විමසූවිට අගමැතිවරයා සිනාසී ඉවත බලාගත්තා මිසක කිසිවක් කීවේ නැත.

“තාම ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්කරලත් නෑ. අපේක්ෂකයො නම් කරන්න පොහොට්ටුවට තියෙන හදිස්සිය එජාපෙට අවශ්‍යත් නැහැ.” එසේ කීවේ චමින්ද විජේසිරිය.

“එජාපෙ අපේක්ෂකත්වය ගැන තින්දුවකට එන්න රාජිතල චම්පිකල වගේම සමහර සුළු ජාතික පක්ෂත් අතර පොඩි කඹ ඇදිල්ලක් තියනවා. මේ සියළුදෙනාම මුලින් සමගි කරන්න වෙනවා. තව පක්ෂ එකතුකරගන්නවා මිසක් ඉන්න අය බෙදිලා මේක කරන්න බෑ. සංධානයත් අත්‍යවශ්‍යයි.” අගමැති උපදේශක දිනේෂ් වීරක්කොඩි කළ විග්‍රහයට කාගේත් එකඟත්වය පලවිය.

“පොහොට්ටුව ස්ටේඩියම් එක ඇතුලෙ පවත්වපු රැස්වීම වගේ දහගුණයක සෙනගක් ඊට පහුවෙනිදා එජාපෙට බදුල්ලෙදි එකතු වුණා. පොහොට්ටුව ඒ නිසා පතුලටම වැටුණා” හේෂා විතානගේ කීවේ එවැන්නකි.

“අගමැතිතුමයි සජිතුයි දෙපැත්තට නෙවෙයි එකපැත්තට කඹ අදින සැලැස්මක් ඉක්මනින් ඕනෑ. දෙන්නම මස් රාත්තලේ  න්‍යායෙන් මිදෙන්න අත්‍යවශ්‍යයි. බදුල්ලෙ මාතර වගේ රට පුරා රැස්වීම් තියල විතරක් මේ ප්‍රශ්න විසදන්න බෑ. දෙපැත්තෙම ජ්‍යෙෂ්ඨයන්ගෙ මතයටත් සවන්දීල නම්‍යශීලී වීම කාගේත් වගකීමයි.” දිනේෂ් වීරක්කොඩි කීවේය.

“නඩු තියන ජනතා මුදල් අවභාවිතා කරපු බවට චෝදනා රාශියක් තියන අතුරුදන්කිරීම්, සුදුවෑන්, මිනීමැරුම් ගැන දැඩි සමාජ විරෝධයක් තියන විශේෂයෙන් ඇමරිකානු පුරවැසියෙක් ජනාධිපති අපේක්ෂකයා කිරීම ගැන පොහොට්ටුවේ අය ලැජ්ජ වෙන්න ඕනෑ. එජාපෙන් මෙහෙම කෙනෙක් අපේක්ෂකය කළානම් වීරවංශයි ගම්මන්පිලයි ඔය හොර නඩයයි නටන නැටිල්ල බලාගන්න තිබුණා” ලක්ෂ්මන් කිරිඇල්ල කී දේ සියළුදෙනාම අනුමත කළහ.

“හැමෝම ගෝඨගෙ පුරවැසිකම ගැන විතරක් කතාකරනවා. ඒත් මම ඒ රාමුවෙන් පිට පැනලා තෙලෙන් බැද්දත් කොබෙයියා – කිරෙන් බැද්දත් කොබෙයියා කොබෙයියමයි කියල ඉදිරිපත් කරපු මතවාදය සමාජ ජාල වල දැඩි අවධානයට ලක්වුණා.” අගමැතිවරයා කීවේය.

“ඒ වගේම සුදුවෑන්, අතුරුදහන් කිරීම්, තාජුඩීන් – එක්නැලිගොඩ ඝාතන, සිරස-සියත ගිණි තැබිම, දෙමව්පියන්ගෙ සොහොන ජනතා මුදලින් ඉදිකිරීම, වැලිකඩ සිරකාරයින් 27 ක්  නම් ලයිස්තු අනුව මැරීම, නාවික හමුදාවෙ ආදායම ඇවන්ගාඩ් සමාගමට ලබාදීම, රතුපස්වල-රොෂේන් චානක-මීගමුවෙ අන්ටනී ඝාතන ගැන, හමුදා මූලස්ථාන ඉඩම ශැන්ග්‍රිලා එකට විකිණීම, කොළඹ යාචකයන් ඝාතනය, මිනීමෝර සංස්කෘතිය වගේ දේවල් ගැන ඡන්දෙ ඉල්ලන්න කලින් ගෝඨා ජනතාවගෙන් සමාව ඉල්ලනවද කියල කියන්නැයි අගමැතිතුමා කරපු අභියෝහයෙන් පොහොට්ටුව සසල වෙලා කියල ආරංචියි” නවීන් දිසානායක කී විට සියළු දෙනා සිනාසෙන්නට විය.

“අපි වෙනුවෙන් අපි අරමුදලට එකතුවූ රු. දශලක්ෂ 4500 න් එක ගෙයක් මිලියනයක් විතර වටිනා පොඩි ගෙවල් 200 ක් විතරයි හදල තියෙන්නේ. ඉතිරි මුදල් වලට වුණේ මොකක්ද කියලත් මෙයාල හෙලිකරන්න ඕනෑ කියල ෆීල්ඩ් මාර්ෂල් ලඟදි කියපු කතාවත් ඉතා වටිනවා.” ගයන්ත කරුණාතිලක කීවේ එවැන්නකි.

“ප්ලාස්ටික් පොලිතීන් නැතුව ඡන්ද කරනව කියල ගෝඨ කතාවෙදි කිව්ව්වට පරිසරය රකිමින් දළදා පෙරහැර කරන්න අපි උත්සාහ කළත් මුළු නුවර ටවුමම ප්ලාස්ටික් රෙක්සින්, ඉටිකොල බැනර් වලින් පොහොට්ටුව මුලු නුවර නගරයම දූෂණය කරලා. දළදා පෙරහැරෙනුත් දේශපාලන වාසි ගන්න තරමට මෙයාල පහට වැටිලා” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.

“දැන් පලාත් සභා ඡන්දය ගැන ජනාධිපති මත විමසන කතාව මොකක්ද ආණ්ඩුවයි පොහොට්ටුවයි දෙකම හිර කරලා තනතුරු ගන්න ජනාධිපති හා ශ්‍රීලනිපයේ සමහරු ප්ලෑන් කරනව කියල ආරංචියි. ශ්‍රීලනිපයේ අය පොහොට්ටුවට් ගියොත් 2015 දි වගේම ප්ලෑන් කරල පොහොට්ටුවේ අය එයාලව පරද්දනවා. එජාපෙට ආවොත් ශ්‍රීලනිප අයට දිනන්න අපි සහයෝගය දෙන බව ශ්‍රීලනිපයට ඒත්තු ගන්වන්න ඕනෑ.” මහාචාර්ය ආශු මාරසිංහ කළ විග්‍රහය සියළුදෙනා අනුමත කළහ.

“13 වැනි සංශෝධනය අනුව එකම රටක් තුල පලාත් සභා වලට උපරිම බලතල බෙදිය යුතු බවට ඇමති නවීන් දිසානායක උතුරෙදි කළ කතාව ඉතා වටිනවා.” අගමැති කීවේ ප්‍රශංසා මුඛයෙනි.

“ගෝඨාභය අපේක්ෂකත්වයට නම් කරනතුරු තනියම දිනන්න පුළුවන් කියපු පොහොට්ටුව තනියම අපේක්ෂකයා නම් කරලා ශ්‍රීලනිපයට කොකා පෙන්නලා දැන් කියනවා ශ්‍රීලනිප සහයත් එයාලට අත්‍යවශ්‍යයි කියලා. ඉතා ලාබ හා තුට්ටුදෙකේ තනතුරු කීපයකට වහල් වෙලා ආත්මයම පාවාදීලා ශ්‍රීලනිපය බඩ ගාගෙන පොහොට්ටුව ලඟට යනවද නැද්ද කියලයි දැන් මිනිස්සු බලන් ඉන්නේ.” අගමැති උපදේශක දිනේෂ් වීරක්කොඩි කීවේය.

“අගමැතිතුමාට අමතරව ගෝඨ ගැන හොඳම විග්‍රහය කළේ ජවිපෙ විජිත හේරතුයි. පොහොට්ටුවේ දුර්වලම අපේක්ෂකයා ගෝඨා දාන්න තරම් රාජපක්ෂවරු සූක්ෂම වෙලා තියනවා. පරාජය කරන්න ලේසිම අපේක්ෂ්කයා ගෝඨාභය කියලත් විජිත කිව්වා. මොකද හිට්ලර්ල ඉඩි අමීන්ල වගේ කෘර පාලකයන්ට දැන් මේ ලෝකෙ ඉඩක් නැති බව විජිත නිවැරදිව වක්‍රාකාරව විග්‍රහ කළා” මහාචාර්‍ය ආශු මාරසිංහ කී විට සියළු දෙනාම ඊට එකඟත්වය පලකළහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *