ඇමැති රාජිත ගත් මුදල් ආපසු දුන් බවට හඩපටයක් එයි .

අවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපතිගෙන් ඇමැති රාජිත  සේනාරත්න මහතා ලබාගත් බව කියන ලක්ෂ පනහක මුදල ආපසු දුන් බව කියන දුරකථන ඇමතුමක හඩ පටයක්ද දැන් අන්තර් ජාලයට නිකුත්වී ඇත . මෙහිදීද සංවාදය සිදුවන්නේ රාජිතගේ ලේකම් , ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති සයුරු සමරසේකර හා අවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති අතරය . මෙහිදී සයුරු නිශ්ශංක ට කියන්නේ ඇමතිතුමා මුදල් ආපසු දුන් බවයි . එසේ වුවද එම මුදල් ආපසු අවන්ගාඩ් සභාපතිට ලබාදීමක් ගැන සදහනක් නැත . එමෙන්ම මුදල් ආපසු දුන්නේ සිද්ධිය හෙළිවීමෙන් පසුවද පෙරද යන කරණය ද පැහැදිලි නැත . මුදල් ප්‍රතික්ෂේප කළේ නම් එම මුදල් ආපසු භාර දීමට ක්‍රියා නොකර දුරකථන දැනුම්දීමක් කොට පටිගත කිරීමද සැක සහිත ක්‍රියාවකි .

මෙම සංවාදයේදී රාජිතගේ ලේකම් ගෙන් අවන්ගාඩ් සභාපතිවරයා විමසන්නේ ඔබගේ රැකියාවත් බේරාගත යුතුයි නේද කියාය .එහි යටි අරුත ලෙස පෙනෙන්නේ සයුරුගේ රැකියාව බේරා දීම සදහා මෙය සිතා මතා සැලසුම් කොට දෙදෙනාගේ එකගත්වයෙන් නිර්මාණය කළ හඩපටයක් වියහැකි   බවයි .

මෙම සැකය දුරුවිය හැක්කේ සැබවින්ම මෙම හඩ පටය පටගත කළ දිනය තහවුරු කිරීමේත් , මුදල් ආපසු දුන් දිනය හා ආකාරය පිළිබද සාක්ෂි ලබාගැනීමෙනුත් පසුවය .

කෙසේ වෙතත් මෙය දැන් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ පරීක්ෂාවට ලක්විය යුතු කරුණක් බව පැහැදිලිය .

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *