සජිත් පිලේ රනිල්ගේ ඔත්තුකරුවෙක්.. රහස් කතා හඬ පට විනාඩියෙන් රනිල් අතේ..

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයේ සිදු කරන සාකච්ඡා විනාඩි ගණනාවක් ඇතුළත අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතට පත්වන බව වාර්තා වෙයි.

සජිත් ප්‍රේමදාස මහතාට සමීපතම බව පෙන්වමින් සිටින ඇමතිවරයෙකු විසින් මෙම සියලු තොරතුරු අගමැතිවරයා අතට පත් කරන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව සජිත් පිලේ රහසිගත සාකච්ඡා මෙන්ම ඉදිරි සැලසුම් ගැන ද අගමැතිවරයා විනාඩි කිහිපයක් ඇතුළත දැනුවත් වෙමින් ඇති බව ද පැවසේ.

ඇතැම් අවස්ථාවල පටිගත කරන ලද හඬ පට පවා අගමැතිවරයා අතට පත් වී ඇතැයිද එම ආරංචි මාර්ග කියයි.

lanka C news

Leave a Reply

Your email address will not be published. Required fields are marked *