පලාලි අන්තර් ජාතික ගුවන් තොටුපළක් කිරීමේ වැඩ ඇරැඹේ

යාපනය පලාලී ගුවන් තොටුපළේ ධාවන පථය පුලුල් කිරීමේ කටයුතු 13 දා සිට ආරම්භ කොට තිබේ.

පලාලී ගුවන් තොටුපළ අන්තර් ජාතික ගුවන් තොටුපළක් බවට පත් කිරීමේදී එහි ධාවන පථය මුල් අදියරයේදී  මීටර් 1500 ක දුරක් දක්වා දීර්ඝ කෙරෙන අතර එය අන්තර් ජාතික ගුවන් තොටුපළවල ධාවන පථවල ප්‍රමිතියට අනුව සකස් කෙරෙයි.

පලාලී ගුවන් තොට හි ධාවන පථය අගෝස්තු මාසය තුළදී පුලුල් කොට සැප්තැම්බර් මාසයේ සිට ඉන්දියාව හා පලාලී අතර ගුවන් ගමන් ආරම්භ කිරීමට බලාපොරොත්තුවන අතර එම ගුවන් තොටුපළ ඔක්තෝබර් මාසයේ සිටශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපළ බවට පත් කිරීමට නියමිතය.

උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *