|

මේ යකාට මෙච්චර කියලත් ඕ ලෙවල් සෙටිෆිකට් එක ගෙනාවේ නෑනේ – හරීන්

සජිත් ප්‍රේමදාස මහතාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් විරුද්ධවාදීන් එල්ල කරන මඩ ප්‍රචාරවලට පිළිතුරු දීම සඳහා අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග සහතිකයත් රැගෙන බදුල්ලේ රැළියට පැමිණෙන මෙන් ඒ මහතාගෙන් ඉල්ලා සිටියත් ඔහු එය මැඟහැරීම සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මහතා සිය සමීපතම දේශපාලන ක්‍රියාකාරිකයින් පිරිසක් සමඟ කණස්සල්ල පළ කර තිබේ. 

“මේ යකාට මෙච්චර කියලත් ඕ ලෙවල් සෙටිෆිකට් එක ගෙනාවේ නෑනෙ බං. ගෙනාවා නම් අරුන්ගෙ මඩ ගැහිල්ල එදායින්ම ඉවරයි. මෙතන මොකක් හරි හොරයක් තියෙනවා වගේ … දැන් නම් මටත් සැකයි. 

මං කීපවතාවක්ම ඔය යෝජනාව දැම්මා. රැස්වීමට කලින් දෙපාරක් කෝල් කරලත් මතක් කළා. පළවෙනි පාර පස්සෙ ගන්නම් කියලා කට් කළා, දෙවනි පාර හරි හරි කිව්වා. 

දැන් සීන් එක ඇහුවාම මොකද්ද දන්නවද කියන්නෙ ? 

‘ඔය සහතික වැඩක් නෑ, ඔව්වා තේරුමක් ඇති දේවල් නෙවෙයි. මාටින් වික්‍රමසිංහ ඉස්කෝලෙ ගියේ අට වසරට විතරයි, ඒත් ලෝකෙම එයාව දන්නවානෙ. ඔව්වා බොරු වැඩ’ කියලා කියනවා. 

මූයි මායි දන්න මාටින් වික්‍රමසිංහ. මාටින් වික්‍රමසිංහ අටේ පන්තියට ගියා කියන කතාවත් වැරදියිනෙ. අනික මූ නිකම් මාටින් වික්‍රමසිංහ ලෙවල් එකෙන් දැන් ටෝක් දෙන්නේ. හිනා කාලා මැරෙනවා” යනුවෙන් හරීන් ප්‍රනාන්දු මහතා සිය බදුල්ලේ රැළිය සංවිධානය කිරීමට එක්වූ සමීපතම දේශපාලන ක්‍රියාකාරිකයින් සමඟ පවසා ඇත. 

LNW


Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *