ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගෙන් සජිත්ට දැඩි ප්‍රහාර

ෆීල්ඩ් මාර්ෂල් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අද දිනයේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වන ලදී.

එහිදී එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට උත්සාහ ගන්නා ඇමති සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කරමින් දැඩි ප්‍රහාරයක් එල්ල කළේය.

ඇමති සජිත් ප්‍රේමදාස මහතාගේ පියා වන හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් කොටි ත‍්‍රස්තවාදීන්ට ලබාදුන් අවි ආයුධවලින් ශ‍්‍රී ලංකා හමුදා බලය දුර්වල කල බවද ඔහු පැවසීය.

ඒවායෙන් පහර දී හමුදා සෙබලුන් විශාල පිරිසක් ඝාතනය කල බවද ඔහු සඳහන් කළේය.

ජනාධිපති අපේක්‍ෂකත්වය සදහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් ගෝටාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීම එම පෙරමුණ පැත්තෙන් නිවැරදි තීරණයක් බවත් ඔහු කියා සිටියේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීම තුළ එම පෙරමුණ ජාතික ආරක්ෂාව මුල් තැන තබා කටයුතු කර ඇති බවද ෆොන්සේකා මහතා තව දුරටත් සදහන් කලේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *