අපිත් එක්කවත් සුහද නැති එයා කොහොමද ජනතා නායකයෙක් වෙන්නෙ – නිශාන්ත මුතුහෙට්ටිගම

පසුගිය රාජපක්ෂ පාලන සමයේ ආරක්ෂක ලේකම්වරයා වශයෙන් සිටිමින් එම ආණ්ඩුවේ ඇමතිවරුන් සමග හෝ සුහදතාවයෙන් කටයුතු නොකළ ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලනයට පැමිණ රටේ ජනතාව සමග සුහතාවයෙන් කටයුතු කරනු ඇතැයි විශ්වාසය තැබිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වුවහොත් ඔහුගේ රජයේ ඇමතිවරුන් සමග හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග හෝ සාකච්ඡා කර සුහදතාවයෙන් කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකි බව ද මන්ත්‍රීවරයා පවසයි. ඔහු ආමිකාරයෙකු, පරිපාලන අත්දැකීම් සහිත පුද්ගලයෙකු මිස ජනතාවට සමීප දේශපාලනඥයෙකු නොවන බව ද මුතුහෙට්ටිගම මහතා අවධාරණය කරයි.

ඔහුට සහාය දක්වන්නේ නම් ජයග්‍රහණය කළ පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග මාසයකට වරක් හෝ සාකච්ඡා කරන බවට පොරොන්දුවක් ලබාගත යුතු බවත් එසේ නොවුනහොත් ඔහු හමුවීමට ගේට්ටු කඩාගෙන ගොස් හිරේ විලංගුවේ වැටීමට සිදුවිය හැකි බවත් මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

ශ්‍රීලනිපය ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දක්වන්නේද යන්න සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නොමැති බව පැවසූ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ එසේ සහාය දැක්වීමට තීරණය කළහොත් පොදුජන‍ පෙරමුණ හා ගෝඨාභය රාජපක්ෂ මහතා සමග වෙන වෙනම ගිවිසුම් අත්සන් කිරීමට සිදුවන බවයි. ඒ සඳහා අවශ්‍ය තරම් කාලය තිබෙන බවත්, තවදුරටත් දෙපාර්ශ්වය අතර සාකච්ඡා පැවැත්වෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

LNW

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *