රාජපක්‍ෂ කඳවුරෙන් ඉදිරිපත් කොට තිබෙන අපේක්‍ෂකයා එම කඳවුරේ දුර්වලම පුද්ගලයායි – ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත්


පසුගිය දශක කිහිපය පුරාවටම අපේ රට ආර්ථික වශයෙන් කඩා වැටුණා. මහින්ද රාජපක්‍ෂ පාලනය අවසන් වී ඊනියා යහපාලනය ආණ්ඩුව රට බාරගන්න කොට අපේ රට රුපියල් කෝටි දශලක්‍ෂ පනස්දාහක ණයකාරයෙක් වෙලා තිබුණා. මේ ආණ්ඩුව කිවුවා, ණය බරින් මිරිකිලා ඉන්න අපේ රටට තවත් ණය ගන්නේ නැහැ කියලා. නමුත් රනිල්-මෛතී‍්‍ර ආණ්ඩුවේ පසුගිය වසර හතරහමාරක කාලය ඇතුළේ මුළු ණය ප‍්‍රමාණය රුපියල් කෝටි දොළොස් ලක්‍ෂයක් දක්වා වර්ධනය කළා. වත්කම් තිබෙන්නේ කෝටි ලක්‍ෂයක් පමණයි. ණය ප‍්‍රමාණය ඒ වගේ දොළොස් ගුණයක්. ආර්ථිකය කඩා වැටීම නිසා අපේ රටේ ජනතාව විශාල ජීවත්වීමේ දුෂ්කරතාවයකට මුහුණ දීලා තිබෙනවා. සමාජයේ අපරාධ වර්ධනය වුණා. මත්ද්‍රව්‍ය උවදුර වර්ධනය වුණා. පාතාලය වර්ධනය වුණා. මිනීමැරුම් වැඩි වුණා. විවිධ අපරාධ දිනෙන් දින වර්ධනය වෙමින් තිබෙනවා. ආර්ථිකය කඩාවැටීම හේතුකොටගෙන අපේ රටේ සමාජයත් පරිහාණියට පත්වෙලා තිබෙනවා.
පහුගිය දශක කිහිපයක කාලය පුරාවටම අපේ රටේ ජනතාව පාලකයින්ගේ හොරකම, වංචාව, ¥ෂණය, නාස්තිය අත්විඳලා තිබෙනවා. ඒ නිසාම මේ ආණ්ඩුව කිවුවා, පහුගිය ආණ්ඩුවේ හොරු අල්ලලා දඬුවම් දෙනවා කියලා. ඒ වගේම රටේ හොරකම් නවත්වනවා කිවුවා. නමුත් හොරු ඇල්ලූවෙත් නැහැ, දඬුවම් දුන්නෙත් නැහැ. හොරකම නැවැත්තුවෙත් නැහැ. ඒ වෙනුවට හොරකම, වංචාව, නාස්තිය, ¥ෂණය ව්‍යාප්ත කළා. ඒ විතරක් නෙවෙයි සිංහල, දෙමළ මුස්ලිම් ජනතාව අතර සමගිය වර්ධනය කරනවා වෙනුවට ජාතිකත්ව අතර ජාතිවාදී ගැටුම් වර්ධනය කළා. අපේ රටේ ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කරන්න මේ ආණ්ඩුව අසමත් වෙලා තිබෙනවා. අපේ රටේ ජනතාවගේ ජීවත්වීමේ අයිතියත් අභියෝගයට ලක්වෙලා තිබෙනවා.
රටේ මූල්‍ය විනයත් පරිපාලන විනයත් බිඳ වැටිලා. වංචා-¥ෂණ නාස්තිවලට සම්බන්ධ හොරු, මංකොල්ලකාරයේ දේශපාලන ඞීල්වලට ගිහින් බේරිලා ඉන්නවා. ඒ නිසාම රටේ ජනතාව මේ වෙනකොට වැඩපොළේ, බස් හෝල්ට් එකේ, මගතොටේ හැම තැනම කතාබහ වෙනවා, කොළපාට පාලනයත් නිල්පාට පාලනයත් දෙකම එපා, විකල්පයක් ඕනෑ කියලා. පරණ හොරුත් එපා, අලූත් හොරුත් එපා කියලා කතා බහක් ඇතිවෙලා තිබෙනවා. රට ගොඩනගන්න නම් විකල්ප බලවේගයක් ඕනෑ කියලා ජනතාව කතාබහ කරනවා.
මහානායක හාමුදුරුවන් වහන්සේලා, අනෙකුත් ආගමික නායකතුමන්ලාගේ එකඟතාවයෙන් ශී‍්‍ර ලංකාවට සුපිළිපන් දේශපාලන සංස්කෘතියක් උදාකරගැනීම උදෙසා සුදුසුකම් ඇති මැතිවරණ අපේක්‍ෂකයන් තෝරා පත්කර ගැනීම සඳහා දේශපාලන පක්‍ෂ නායකයන් හා මහජනතාව වෙත නිර්දේශ ප‍්‍රමාණයක් ඉදිරිපත් කරනු ලැබුවා. ඒ සඳහා මල්වතු, අස්ගිරි, අමරපුර, සහ රාමඤ්ඤ මහා නිකායන්වල මහානායක හාමුදුරුවන් වහන්සේලා, කොළඹ අග රදගුරු හිමිපාණන්, ලංකා සභාවේ රදගුරු හිමිපාණන්, සමස්ත ලංකා හින්දු සම්මේලනයේ කුරුක්කල් තුමා සහ ජමියතුල් උලමා සභාවේ සභාපතිතුමන් අත්සන් කොට තිබෙනවා. රටේ ඊළඟ දේශාපාලන නායකත්වය සහ පාර්ලිමේන්තු, පළාත් සභා, පළාත් පාලන ආයතනවලට ඉදිරිපත් වන නියෝජිතයින්ට මෙම නිර්දේශ වලංගු වෙනවා. එම නිර්දේශවල පැහැදිළිව සඳහන් වෙනවා, අපරාධ වැරදිවලට වරදකරුවී ඇති අපේක්‍ෂකයන්, නඩුපවතින අපේක්‍ෂකයන් සඳහා නාම යෝජනා ලබානොදිය යුතුයි කියලා. වර්තමානයේ අපේ රටේ මැතිවරණවලට තරඟ වදින අපේක්‍ෂකයින්ගේ නුසුදුසුකම් නිසා ආගමික නායකයින් එක්වී මෙලෙස නිර්දේශ ප‍්‍රමාණයක් ඉදිරිපත් කරන්න කටයුතු කළා. සියලූ දේශපාලන පක්‍ෂ, සිවිල් සංවිධානවලට ආරාධනා කරලා ඔවුන් ඉදිරියේ තමයි මෙම නිර්දේශ ඉදිරිප්කළේ. රට ඉල්ලා සිටින්නේ එවැනි අපේක්‍ෂකයින්. නමුත් දැන් සිදුවෙමින් තිබෙන්නේ ඊට හාත්පසින් පරස්පර දේවල්.
ජනතා විමුන්ති පෙරමුණත් තවත් දේශපාලන කණ්ඩායම්, සිවිල් සංවිධාන, විද්වතුන්, කලාකරුවන්, වැඩකරන ජනතාව, ගොවි සමිති, ධීවර සමිති එක්ව ජනතාව බලාපොරොත්තු වන ආකාරයේ විකල්ප බලවේගයක් ගොඩනගා තිබෙනවා. මෙතෙක් කල් රට පාලනය කළ කණ්ඩායම් දෙකට එරෙහිව නව බලවේගයක් ලෙස එය ගොඩනගා තිබෙනවා. එම ජාතික ජන බලවේගයේ පාර්ශ්වකරුවන්ගේ අනුමැතියත් සහිතව මෙවර ජනාධිපිතවරණය සඳහා නව අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. අපේ රට විනාශ කළ, කැරකොප්පුවක් බවට පත්කළ පැරණි පාලකයන් පරාජයට පත්කොට නව ගමනක් ආරම්භ කිරීම සඳහා අපි කටයුතු කරනවා. අපේ රට ණය උගුලක හිරකරපු මේ පාලකයින්ට එරෙහිව ජන බලයක් ගොඩනගනවා. ලබන 18වැනිදා ගෝල්ෆේස් පිටියේ පවත්වන මහ රැුලියේදී නව බලවේගයේ අපේක්‍ෂකයා රටට ප‍්‍රකාශයට පත්කරනවා. පරණ හොරුත් අලූත් හොරුත් පරාජයට පත්කරලා නව විකල්ප බලයක් ගොඩනගන රට හදන අපේක්‍ෂකයා අපි ඉදිරිපත් කරනවා. රට ඉල්ලන ආගමික නායකයින් නිර්දේශ කරපු අපේක්‍ෂකයා ඉදිරිපත් කරන්නේ ජාතික ජන බලවේගයයි. අදුෂිත, පරිපාලන විනයක් සහිත, මූල්‍ය විනයක් සහිත රට ගැන හැඟීමක් තිබෙන දේශපාලන වශයෙන් පරිණත රට ගොඩනැගිය හැකි නායකයා අපි රටට හඳුන්වලා දෙනවා.
රාජපක්‍ෂ කඳවුරෙන් ඉදිරිපත් කොට තිබෙන අපේක්‍ෂකයා එම කඳවුරේ දුර්වලම පුද්ගලයායි. ඔහු පහුගිය කාලයේ භාවිතාවෙන් ඔප්පු කොට තිබෙනවා ඔහුට මූල්‍ය විනයක් හෝ පරිපාලන විනයක් නැහැ කියලා. රාජපක්‍ෂ කඳවුරේ දුර්වලම පුද්ගලයාට රට වෙනස් කරන්න පුළුවන් කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ඔවුන් කිව්වේ අලූත් කෙනෙක් ගේනවා කියලා. ඒ අපේක්‍ෂකයා ගොඩක් පරණ කෙනෙක් මාස ගානක් තිස්සේ කතා කරපු පුද්ගලයෙක්.
ජනාධිපතිවරණය සඳහා මාස 3ක කාලයක් තිබෙනවා. ව්‍යවස්ථාවට අනුව දෙසැම්බර් 07වැනිදාටපෙර ජනාධිපතිවරණය පවත්වා නව ජනාධිපතිවරයෙක් පත්කරගත යුතුව තිබෙනවා. නමුත් බොහෝ විට දෙසැම්බර් 07වන තෙක් කාලය නොගෙන ඊට පෙර ජනාධිපතිවරණය අවසන් කළ යුතු වෙනවා. නිශ්චිත දිනය තීරණය කරන්නේ මැතිවරණ කොමිසමයි. කෙසේ වෙතත් ජනාධිපතිවරණය කල් දැමීමට හැකියාවක් නැහැ.
අපේ රටට දේශපාලකයෙක් නොවන කෙනෙක් නායකත්වයට සුදුසු වන්නේ නැහැ. අප ඉදිරිපත් කරන නායකයා දේශපාලන වශයෙන් පරිණත නායකයෙක්. ඔහුට දේශපාලනය කරලා හොඳ දැනුමක් තිබෙනවා. ඒ වගේම ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන පුද්ගලයාට පාර්ලිමේන්තුව සම්බන්ධයෙන්, පළාත් සභා, පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් වගේම රට ගැනත් ජනතාව ගැනත් හොඳ දැනුමක් තිබිය යුතුයි කියලා අපි හිතනවා.
මෙවර ජනාධිපතිවරණයේදී ඉදිරිපත් වන අපේක්‍ෂකයින්ට 50%ක ඡුන්ද ප‍්‍රතිශතයක් ලබා ගැනීම අභියෝගයක් බවට පත්වෙලා තිබෙනවා. 94න් පස්සේ එක පක්‍ෂයකටවත් තනි බලයක් ලබාදෙන්න ජනතාව කටයුතු කරලා නැහැ. අද ආණ්ඩුව කරන එජාපයත් ආණ්ඩුව පවත්වාගෙන යන්නේ තවත් පක්‍ෂ කිහිපයකගේ සහයෝගයෙන්. එනිසා මෙවර ජනාධිපතිවරණයේදී එක් අපේක්‍ෂකයෙක් 50% ඉක්මවයි කියලා හිතන්න පුලූවන්කමක් නැහැ.
මෙතෙක් කල් අපේ රට පවුලේ බූදලයක් කරගෙන තිබුණා. රටේ නායකත්වය අයියගෙන් මල්ලිට, තාත්තගෙන් පුතාට මාරු වුණා. ඒ නිසා තමයි අපේ රට මේ තරම් අගාධයකට පත්වෙලා තිබෙන්නේ.
මෙම අවස්ථාවට ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති සහෝදරයාද සහභාගි විය.
මනෝජ් රූපසිංහ
ස්තූතිය – ජනතා විමුක්ති පෙරමුණ මාධ්යන ඒකකයට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *