අද සජිත්ගේ ජල්තර උත්සවයට රනිලුත් එක්වෙයි

නොවැම්බර් අග වන විට පොදු ජනතාව රජ කරවන යුගය නිර්මාණය කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා රණාල  ජල්තර දී අද (12) පැවසීය.

ජනතා ආශිර්වාදය මත 2020 වන විට සැමට සෙවණ ලබාදීමට ද තමා පොරොන්දු වන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී සඳහන් ක‍ළේය.

ඇමැති සජිත් ප්‍රේමදාස මහතා මේ බව කීවේ රණාල ජල්තර ‘ග්‍රීන්වැලි රෙසිඩෙන්සීස්’ මධ්‍යම ප්‍රාන්තික නිවාස යෝජනා ක්‍රමය විවෘත කිරීමේ උත්සවයකදීය.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ආරාධනය පරිදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.

අංජුල මහික වීරරත්න

ලංකාදීප 

(ඡායාරූප – ජයමාල් චන්ද්‍රසිරි)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *