අවන්ගාඩ් සභාපති නිශ්ශංක , ඇමැති රාජිතට ගේමක් දීලා !

රාජිත සේනාරත්න ඇමතිවරයාට රුපියල් ලක්ෂ පනහක මුදලක් අවන්ගාඩ් සමාගමෙන් ලබාදුන් බව කියන දුරකථන සංවාදයක් එම සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා විසින් පටිගත කොට ඇති අතර ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය මගින් එය දැන් ප්‍රකාශයට පත්කොට තිබේ . එම හඬ පටයේ ඇත්තේ රාජිත සේනාරත්න මහතාගේ ලේකම්වරයකු හා එතුමාගේ අමාත්‍යංශය යටතේ ඇති රාජ්‍ය ඖසධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති ද වන සයුරු සමරසේකර මහතා සහ අවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අතර සංවාදයකි .අවන්ගාඩ් සභාපතිවරයා සමරසේකර මහතාගෙන් විමසන්නේ තමන් දුන් ලක්ෂ පනහ ඇමතිවරයාට දුන්නද යනුවෙනි . සමරසේකර මහතා කියන්නේ තමන් එය දුන් බවයි . මෙම ගනුදෙනුව තීරණය වුයේ දෙදෙනාගේ හමුවකින් බවද සමරසේකර මහතා මතක් කරන්නේ එලෙස කතා කරගත් ගනුදෙනුවක් තම සාක්කුවේ දමා ගන්නේ කෙසේද යි ප්‍රශ්න කරන ආකාරයෙනි .

මෙයින් පෙනී යන්නේ අවශ්‍ය මොහොතක භාවිතා කීරීම සදහා සේනාධිපති මහතා තමන්ගේ වැදගත් සංවාද පටිගත කොට ඇති බවයි . තවත් තොරතුරු ඉදිරියේදී හෙළිකිරීමට නියමිත බව අපගේ ආරංචි මාර්ග කියයි .

මෙම සිදුවීම ගැන අල්ලස් හෝ දුෂණ පරීක්ෂණ කොමිසමට පැමිණිලි කිරීමට පාර්ශව කිහිපයක් කටයුතු කරමින් සිටින බවද දැන ගන්නට ඇත .

එමෙන්ම මෙය යහපාලන ආණ්ඩුවටද බරපතළ ප්‍රශ්නයක් වනු ඇත .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *