පොදුජන පේරමු‍ණේ ජනාධිපති අ‍පේක්ෂකයා ‍ගෝඨාභය බවට ප්‍රකාශයට පත්ක‍රේ

ශ්‍රී ලංකා ‍පොදුජන ‍පෙරමුණේ පළමු වැනි ජාතික මහා සම්‍මේලනය ඊයේ (11) හරියටම පසුවරු 03.00 ට සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගන‍යේ දී ආරම්භ වූ අතර 03.02ට පමණ මහින් ද රාජපක්ෂ මහතා එම වේදිකාවට පැමිණි‍යේ රැස්ව සිටි පිරිස‍‍ගේ ඔල්වරසන් මධ්‍යයේය.

ඉන්අනතුරුව ජී.එල්. පීරිස් මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතාව පක්ෂ‍යේ නායකයා ‍ලෙස නාම‍යෝජනා කළ අතර රැස්ව සිටි ජනතාව ජය ‍‍ඝෝෂාකරමින් එය ස්ථිරකරන ලදී.

ඉන් අනතුරුව මහින්ද රාජපක්ෂමහතා විසින් රැස්ව සිටි පිරිස සිනාසයුරේ ගිල්වමින් රසවත් කතාවක් කරන ලදී. කතාව අවසාන‍යේ ජනාධිපති අ‍පේක්ෂකයා ‍ලෙස ‍ගෝඨාභය රාජපක්ෂ මහතාව නම් කරන ලදී.

ශ්‍රී ලංකා ‍පොදු ජන ‍පෙරමුණට සහ‍‍යෝගය ‍දෙන පක්ෂ රැසක නායකයන් ‍මෙම අවස්ථාවට සහභාගි වූහ. ‍මෙම අවස්ථාවට පැමිණිසිටි ‍හිටපු ඇමති කරුණා අම්මාන් මහතා රැස්ව සිටි පිරිස අතරින් වි‍ශේෂයෙන් මාධ්‍යට හසුකරගැනීම වි‍ශේෂත්වයක් විය.

මෛත්‍රිපාල සිරි‍සේන මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාධරයින් මෙම උත්සව සභාවට නොපැමිණීම කැපී‍පෙ‍නෙන සිදු වීමක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *