පොදුජන පෙරමුණේ සමුළුවට පෙර, මහින්ද ඇමෙරිකාවට පොරොන්දු වූයේ කුමක්ද?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සමුළුව සහ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීමට පැය කිහිපයක් තිබියදී මහින්ද රාජපක්ෂ මහතා ඇමරිකානු තානාපතිනිය සහ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම්වරියක් හමුවී සාකච්ඡාවක් පවත්වා තිබේ. 

අද (11) උදෑසන මහින්ද රාජපක්ෂ මහතා මෙසේ සාකච්ඡා පවත්වා ඇත්තේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම හා දකුණු ආසියාව භාර සහකාර ලේකම් ඇලිස් වෙල්ස් මෙනවිය සමඟය. 

විජේරාම නිවසේ පැවති මෙම සාකච්ඡාවට ඇමරිකානු තානාපතිනී ඇලීනා බී. ටෙප්ලිට්ස් මහත්මිය සහ ජී. එල්. පීරිස් මහතා ද සහභාගී වී ඇති බව සඳහන්. 

දැඩි ඇමරිකානු විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස අද දවසේ පත්වීමට සිටින මහින්ද රාජපක්ෂ මහතා සියල්ලටම පෙර උදෑසනින්ම ඇමරිකානු නියෝජිතයින්ව හමුවී ආශිර්වාද ලබාගැනීම නිසා ඒ මහතාව ද පොහොට්ටු අනුගාමිකයින් විසින් දේශද්‍රෝහී ලැයිස්තුවට ඇතුළත් කිරීමට බැරි නැත. 

lNW

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *