නිමල් සිරිපාලට “අගමැතිකමේ” ලනුවක් දීලා !

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව පෙරලා හදන නව ආණ්ඩුවක අගමැති තනතුර නිමල් සිරිපාල ඇමතිවරයාට ලබාදෙන බවට මහින්ද කණ්ඩායමෙන් ලනුවක් දී ඇති බව දශපාලන ආරංචි මාර්ග කියයි .මෙම නව ආණ්ඩුව ඉතා ඉක්මනින් පිහිටුවීමට හැකි බවට විශ්වාසයක් ගොඩනගා ඇති බවද කියති .එම ආරංචි මාර්ග කියන්නේ “දැන් යහපාලනේ කෑලිත් ඉවරයි ” කියමින් සිරිපාල ඇමතිවරයා ආණ්ඩුවට පහර ගසන්නට පටන්ගෙන ඇත්තේ එම උපායට සෙට් වී බවයි .

මෙම නව ආණ්ඩුව හදන්නට අර අදින පිරිසගේ මතය වී ඇත්තේ මෙම ආණ්ඩුව පවතින එකම හේතුව මෛත්‍රී – රනිල් සබදතාවය බවයි .එය ඉක්මනින් බිදදමා  තමන්ට ආණ්ඩුව ලබාගත හැකි බව මෙම සැලසුම් කරුවෝ කියති . එම සැලසුම ක්‍රියාවට නැගීමට මෙම පිරිස දැන් නොයෙකුත් අය රහසේ හමුවෙමින් විවිධ පොරොන්දු දෙමින් සිටින බව දැනගන්නට ඇත .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *