ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කළාට නඩු ; නීතිපති ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉල්ලයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම පිළිබඳව සැකකරුවන්ට එරෙහිව නඩු පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුව සුදානම් වෙයි.

එක්නැලිගොඩ පැහැර ගැනීම සහ ඝාතනය කිරීමෙ සිද්ධියට අදාළ සැකකරුවන්ට එරෙහි නඩු විභාගයක් සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

හෝමාගම අධිකරණයේ අදාළ නඩුව විභාග කිරීම සදහා එම විනිසුරු මඩුල්ල පත්කර ලෙස නීතිපතිවරයා විසින් මෙම ඉල්ලීම සිදුකර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සදහන් කළේය.

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වුයේ 2010 මැතිවරණයට දින දෙකකට පෙරාතුව දීය. මෙම අභිරහස් අතුරුදන්වීම මහත් අන්දෝලානාත්මක සිද්ධියක් වුවත් පාලක මහින්ද රාජපක්ෂ රජය විසින් ඒ පිළිබඳ කිසිදු තැකීමක් නොකරන ලදී. එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වූයේ ගෝඨාභය රාජපක්ෂ මහතාය.

මේ අතුරුදන් වීම පිළිබදව රජය විසින් නොයෙක් අභූත චෝදනා ගොතන ලදී. වරක් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් පැවසුවේ ප්‍රගීත් විදේශ රටක සිටිනු දුටු බවයි. තවත් වරෙක පැවසූවේ මොහු කොටි සංවිධානය සමඟ සම්බන්ධකම් පැවැත්වූවකු බවයි. කෙසේ වෙතත් අවසානයේ මෙය ඝාතනයක් බවට රහස් පොලිස් පරීක්ෂ මගින් හෙළිවිය.

කුරුරි මර්ධනකාරි භීෂණය රජයන රාජපක්ෂ පාලන කාලයේ සිදු වූ මෙම සිදුවීම 2015 මැතිවරණ සමයේ දී දේශපාලන වේදිකාවල රැව් පිළිරුව් දුන් මාතෘකාවක් බවට පත්විය. එම මාතෘකාව යහපාලන ආණ්ඩුවක් බලයට ගෙන ඒමේ ප්‍රධාන සාධකයක් බවට පත්විය.  

මැතිවරණයෙන් පසු මේ පිළිබඳව කඩිනම් සාධාරණ පරීක්ෂණයක් පවත්වා විත්තිකරුවන්ට දඬුවම් පමුණුවනු ඇති බවට ජනතාව විශ්වාස කළ නමුත් යහපාලන පාලන කාලය අවසන් වන තුරුම එම නඩුව විසඳුමක් කරාගෙන ඒමට බැරිවිය. එයට ප්‍රධාන හේතුවක් වුයේ එම පරීක්ෂණ සදහා යුද හමුදාවෙන් අවශ්‍ය සහය නොලැබීමයි .

යහපාලන පාලන කාලය අවසන් මාස කීපයේ දී හෝ වත්මන් නීතිපතිවරයා විසින් මේ නඩුකටයුත්ත පිළිබඳව උනන්දුවීම පිළිබඳව සාධාරණ සමාජයක් දකිනු කැමැති ජනතාව උනන්දුවකින් කතාබස් කරනු දැකිය හැකිවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *