අර්ජුන් මහේන්ද්‍රන්ට වරෙන්තු

ශ‍්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කරමින්  පළමු ස්ථිර විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය අද (09) වරෙන්තු නිකුත් කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවන අන්දමින් මහා පරීමාණ වංචාවක් සිදු කිරීම මොහුට විරුද්ධව ඇති චෝදනා වේ.

අධිකරණය මඟහැර විදේශගතව සැඟවී සිටින ශ‍්‍රී  ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා මුල් අවස්ථාවේදීම වරෙන්තු නිකුත් කරන්නැයි මෙම නඩුව මීට පෙර අවස්ථාවක කැඳවනු ලැබු අවස්ථාවේදී නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප‍්‍රියන්ත නාවාන මහතා කළ ඉල්ලීමක් පිළිගත් විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඔහු අත්අඩංගුවට ගැනීම ස`දහා වරෙන්තු නිකුත් කළ අතර එම වරෙන්තුව ඉංග‍්‍රීසි භාෂාවෙන් නිකුත් කිරීමටද නියම කළේය.

මෙම නඩුවේ 10 වැනි විත්තිකාර අජහාන් ගාර්දිය පුංචිහේවා නමැත්තාට අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් මීට පෙර දිනයේදී අධිකරණය විසින් සිතාසිද නිකුත් කිරීමට විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය පියවර ගත්තේය.

මෙම නඩුව සදහා අධිකරණයේ පෙනී සිටින ලෙස කළ නියෝගයකට අනුව විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මෙම නඩුව කැදවනු ලැබු අවස්ථාවේදී මෙම නඩුවේ විත්තිකරුවන් දසදෙනාගෙන් හත්දෙනෙකු අධිකරණයේ පෙනී සිටියහ.

රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවු මෙම බැඳුම්කර වංචාවෙන් රටේ ආර්ථිකයට සිදුවු අහිතකාර බලපෑම, බැඳුම්කර වංචාවේ බරපතලකම මෙන්ම සංකීර්ණත්වය සැළකිල්ලට ගනිමින් නීතීපතිවරයා මෙම නඩුව ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ගොනු කර ඇත.

පළමු ස්ථිර ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ලේ විනිසුරුවරුන් ලෙස කටයුතු කරන ලද්දේ සම්පත් විජේරත්න (සභාපති විනිසුරු)  සම්පත් අබේකෝන් සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් මෙම නඩුවේ විනිසුරුවරුන් වශ්‍යයෙන් කටයුතු කරයි.

මනෝප‍්‍රිය ගුණසේකර

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *