කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂ හොරෙන් කළ පරීක්ෂණයෙන් වඳ සැත්කම් කතාව බොරුවෙලා

කුරුණෑගල රෝහලේ දොස්තර මොහොමඩ් සියාදීන් සාෆී මවුවරුන් වඳ කළ බවට ප්‍රවෘත්තිය සමාජ ගත කිරීමට මූලිකත්වය ගත් එහි රෝහල් අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාර මහතා පැමිණිලිකාර මව්වරුන් අටදෙනකු රහසේ කැඳවා වඳ භාවය පරීක්ෂා කිරීමේ එච්.එස්.ජී. නම් පරීක්ෂණය සිදු කොට ඇති බවත් එහි දී එම මව්වරුන්ගේ පැලෝපීය නාලවලට කිසිදු හානියක් සිදු වී නැති බව තහවුරු වී ඇති බවත් කුරුණෑගල අධිකරණය ඉදිරියේ අද හෙළිදරව් වීය. මෙම හෙළිදරව් කිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකොට ඇත්තේ අදාළ පරීක්ෂණය කළ වෛද්‍යවරුන් විසින්මය.

මෙම පරීක්ෂණය කොළඹ රොහල් තුනකදී කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැලසුම් කොට තිබියදී එය නවත්වන ලද්දේ පරීක්ෂණය අවදානම් සහිත බවට රෝහල් අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාර මහතා අධිකරණයට ප්‍රකාශ කිරීම නිසාය. කෙසේ වෙතත් රෝහල් ගණනාවක මෙම පරීක්ෂණය කළ දත්ත ලබාගෙන රහස් පොලීසිය පෙන්වා දුන්නේ රෝහල් අධ්‍යක්ෂගේ ප්‍රකාශණ බොරු බව හා පරීක්ෂණය අවදානම් සහිත නොවන බවයි.

කෙසේ වෙතත් අවදානම් සහිත යැයි උසාවියට කී පරීක්ෂණය කුරුණෑගල රෝහලේ වෛද්‍යවරුන් ලවා රහසේ කරවා ඇති අතර පරීක්ෂණයට ලක් වු කිසිදු මවකගේ පැලෝපීය නාලවලට හානි සිදු වී නැති බව හෙළිවීමත් සමග වැඩිදුර පරීක්ෂණ නවතා දමා ඇත.

අනතුරුදායක ලෙස අධිකරණයට කරුණු කීම නිසා අධිකරණය මගින් තහනම් කළ පරීක්ෂණය රෝහල් අධ්‍යක්ෂ වරයා හිතුමතේ හොර රහසේ කිරීම ගැන තවත් පරීක්ෂණය් සිදුකළ යුතුව ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව කියයි.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *