මගෙන් සල්ලි නොඉල්ලුවේ නොගත්තේ අනුර කුමාර විතරයි – අවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති කියයි

නිශ්ශංක සේනාධිපති තමන්ට පහර දී තම ව්‍යාපාරය විනාශ කිරීමට කටයුතු කළ අය අතුරින් තමන්ගෙන් මුදල් නොඉල්ලුවෙත් ලබා නොගත්තෙත් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පමණක් බව අවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති මහතා මාධ්‍යවේදීන් කිහිප දෙනකු සමග ප්‍රකාශ  කළ බව දැනගන්නට ඇත . මුලින් තමන්ගෙන් මුදල් ඉල්ලාගත් ඇතැම් දේශපාලඥයන් පසුව විශාල මුදල් ප්‍රමාණ ඉල්ලා සිටි බවත් එතරම් මුදලක් දිය නොහැකි බව කි විට තමන්ට තර්ජනය කොට තම ව්‍යාපාර විනාශ  කිරීමට පටන්ගත් බවත් සේනාධිපති මහතා කියා තිබේ . තමාව එක් දිනකට හෝ සිරගත කරන බවට තර්ජනය කළ ඇමතිවරයකු එසේ කළ නොහැකි වීම ගැන ලජ්ජාවට පත්ව ඇති බවද ඒ මහතා කියයි .

ජවිපෙ නායකයා තමන්ට මෙතරම් පහර දෙන්නේ තමන් වෙනත් පිරිසකගේ ඉල්ලීම මත සානුකම්පිත පදනමකින් විජේවීරගේ පවුලේ උදවියට උදවු කිරීමත් ඒ සමග එම පවුලේ අය ජවිපෙ සමග ගැටුමකට යාමත් නිසා වියහැකි බව අවන්ගාඩ් අධිපතිතුමාගේ මතය වී තිබේ .

විජේවීර ලියු පොත් වල අයිතිය සම්බන්ධයෙන් එම පවුලේ අය මේ වනවිට ජවිපෙට නඩු පවරා ඇත .

විජේවීර පවුල සහ සේනාධිපති මහතා අතර සබධතාවය ගොඩ නැගීමට ජවිපෙන් ඉවත්වූ කණ්ඩායමකට සම්බන්ධ ජනමාධ්‍යවේදියකු මැදිහත් වී ඇති බවද දැනගන්නට තිබේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *