පක්ෂයකට නොබැඳී ගෝඨාභය “ජාතික අපේක්ෂක” ලෙස 11 දා කරළියට

ලබන 11 දා පැවැත්වෙන ශ්‍රී ලංකා පොදජන පෙරමුණේ සමුළුවේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නොව ‘ජාතික අපේක්ෂක’ ලෙස නම් කරන බව තතුදත් ආරංචි මාර්ග මගින් ‘යුක්තිය’ට දැනගන්නට ලැබී ඇත. එම ජාතික අපේක්ෂකයා හඳුන්වා දෙන්නේ ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ සියලු පක්ෂවල අපේක්ෂකයා වශයෙනි.

ඉන්පසුව සෙසු පක්ෂවල සම්මේලන ඉදිරි කාලයේ පැවැත්වීමට නියමිත අතර එම සම්මේලන වලට ද ගෝඨාභය රාජපක්ෂ මහතා කැඳවා ඔහුගේ අපේක්ෂකත්වය ස්ථිර කිරීමට නියමිතය. ඒ අනුව විමල් වීරවංශ මහතාගේ නිදහස් පෙරමුණේ සම්මේලනය දෙසැම්බර් මුල් සතියේ පැවැත්වෙනු ඇති බවත් එයට ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වනු ඇති බවත් අපගේ ආරංචි මාර්ග පවසයි. ඉතිරි පක්ෂවල සම්මේලන ද සැප්තැම්බර් මාසය තුළ පැවැත්වෙනු ඇතැයි කියති. මෙලස ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම ජනාධිපතිවරණයට තරඟ කරන්නේ  කිසිදා පක්ෂයට නොබැදුණු අපේක්ෂකයෙක් වශයෙනි. ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය ‘එළිය’ හා ‘වියත්මග’ට සම්බන්ධ වූ පිරිස්වල මූලිකත්වයෙන් සිදුවනු ඇත. හිටපු හමුදා සාමාජිකයන් විශාල පිරිසක් මැතිවරණ සංවිධාන කටයුතු වලට යොදා ගැනීමට යන බව ද දැනගන්නට තිබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *