සන්ධානයට සහය දෙන බවට සජිත් පිලෙන් රාජිතට පොරොන්දුවක්.

එක්සත් ජාතික පක්ෂය හා වෙනත් පක්ෂ ගණනාවක් එක්ව ගොඩනගන ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට සහය දෙන බව සජිත් ප්‍රේමදාස මහතාත් කබීර් හෂීම් මහතාත් සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා හමුවී ප්‍රකාශ කොට ඇත.

සජිත් පිලෙන් සන්ධානයට හා එහි ව්‍යවස්ථාවට එල්ලවූ චෝදනා පිලිබදව මෙම හමුවීම් වලදී සාකච්ඡාවට ලක්ව ඇත. එහිදී රාජිත සේනාරත්න මහතා පෙන්වා දී ඇත්තේ ශ්‍රීලංකාවේ කොමියුනිස්ට් පක්ෂයෙන් හා ලංකා සමසමාජ පක්ෂයෙන් පැමිණි අයට සිරිකොතට පැමිණෙන්නට හෝ එක්සත් ජාතික පක්ෂයේ මතය හා තීරණ අනුව ක්‍රියා කරන්නට හැකියාවක් නැති බව හා ඒ සදහා කාටත් පිළිගත හැකි මධ්‍යස්ථානයක් ලෙස සන්ධානය ගොඩනැගිය යුතු බවයි.

එමෙන්ම සන්ධානයේ නායකත්වය එක්සත් ජාතික පක්ෂයේ නායකයාට හිමිවන අතර මෙහෙයුම් කමිටුවේ බහුතරයද එම පක්ෂයට හිමිවන බවත් එමෙන්ම එජාප නායකයාට නිශේධ බලයක් ලබාදී ඇති බවත් එහිදී පෙන්වාදී තිබේ.

එජාපයේ අභ්‍යන්තර ප්‍රශ්න නිසා මෙම සන්ධාන වැඩපිළිවෙලට හානි නොකළ යුතු බව රාජිත අමාත්‍යවරයා පෙන්වා දී ඇති අතර එයට කබීර් හසීම් මහතා මෙන්ම සජිත් ප්‍රේමදාස මහතාද එකඟත්වය පලකොට ඇතැයි කියති.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *