අවන්ගාඩ් ව්‍යාපාර දිගටම ; අවි ලබාදීම නාවික හමුදාවෙන් !

අවන්ගාඩ් සමාගමේ නැව් දෙකක තිබූ ආයුධ නාවික හමුදාව භාරයට ගැනීමෙන් පසුව මුහුදු ආරක්ෂණ කටයුතු සදහා අවි ලබාදීම නාවික හමුදාවෙන් සිදුකරණ අතර මුහුදු ආරක්ෂකයින් සැපයීම තවදුරටත් අවන්ගාඩ් සමාගම විසින්ම සිදුකිරීමට යන බව තතුදත් ආරංචි මාර්ග සදහන් කරයි .මුහුදු ආරක්ෂණය සදහා ජාත්‍යන්තර මුහදට හා වෙනත් රටවල මුහුදු ප්‍රදේශවලට අපගේ  නාවික හමුදා භටයන් යැවිය නොහැකි නිසා මෙම පියවර ගෙන ඇති බව කියති . ඒ අනුව තම සමාගමේ ලාභයෙන් කොටසක් රජයට ලබාදීමට අවන්ගාඩ් සමාගමට සිදු නොවන අතර ලබාගන්නා අවි සදහා ගාස්තුවක් ගෙවීමට සිදුවනු ඇත .

ඉහත කි පදනම යටතේම වෙනත් සමාගම් සදහාද මුහුදු ආරක්ෂණ කටයුතු කිරීමට ඉඩ ලබාදෙන බවද දැන ගන්නට ඇත . මෙම ව්‍යාපාරය සදහා තරග වදින වෙනත් සමාගම් දෙකක් මේ සදහා බලපෑම් කොට ඇති බවද වාර්තා වෙයි .

කෙසේ වෙතත් මෙම ක්ෂේත්‍රයේ අවන් ගාඩ් සමගම ගොඩ නගාගෙන ඇති ව්‍යාපාරික සබදතා නාවික හමුදාවට හෝ වෙනත් සමාගමකට ලබාගැනීම පහසු නොවන බව අපගේ ආරංචි මාර්ග කියයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *