ගෝඨාභයගේ ඡන්දය කරන්න හිටපු හමුදා කණ්ඩායම්

ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරන අපේක්ෂකත්වය ලැබුණු පසුව රටේ සියලුම ආයතන වලට ඔහුගේ මැතිවරණ සංවිධායකයන් ලෙස හිටපු හමුදා නිළධාරීන් පත් කිරීමට සැලසුම් කොට ඇති බව වාර්තාවෙයි. ඊට අමතරව සෑම ආසනයකටම අතිරේක ආරක්ෂක නිලධාරීන් ලෙස 5ත් 10ත් අතර කණ්ඩායම් හා දිස්ත්‍රික්කයකට හමුදා භටයන් 50ක බලකායක් ද යෙදවීමට කටයුතු යොදා ඇති බව වාර්තාවේ.

මෙලෙස සියලු දිස්ත්‍රික්ක සඳහා හමුදා භටයන් යොදවන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය බව කියමිනි. ඒ කෙසේ වෙතත් මෙය ප්‍රචණ්ඩ ක්‍රියා මගින් ඡන්දය ජයග්‍රහණය කිරීමේ උත්සාහයක් බව අපගේ ආරංචි මාර්ග කියයි. එමෙන්ම මෙය ගෝඨාභය රාජපක්ෂ මහතා තමාට සුපුරුදු ලෙස හමුදා ආණ්ඩුවක් ගොඩනැගීමට දරන උත්සාහයක්ද විය හැකි බව කියති.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුවද එම පක්ෂයේ සංවිධායකයන් නොතකා තමන්ගේ හමුදා නිලධාරීන් මගින් මැතිවරණ සටන මෙහෙයවීමට ගෝඨාභය රාජපක්ෂ මහතා සැලසුම් සකස් කොට ඇති බව කියති. මේ සඳහා පසුගිය කාලයේ ඔහු සමග ක්‍රියාත්මක වූ හමුදා කණ්ඩායම් උපයෝගී කර කරගැනීමට ද සැලසුම්කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *