ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතුවලට දෙන 15% පොලියේ වෙනසක් නැ – මුදල් අමාත්‍යංශය

බැංකු පොලි අනුපාත වෙනස් කිරීමට ශ්‍රීලංකා මහ බැංකුව පියවර ගත්තද ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සදහා රජය ලබාදෙන 15%ක පොලියේ වෙනසක් නොවන බව මුදල් අමාත්‍යංශය කියයි. එම පොලිය අඩුකරන බවට පලවන ප්‍රවෘත්ති සත්‍යයෙන් තොර බව මුදල් අමාත්‍යංශයඅවධාරණය කරයි.

මෙම 15% ක විශේෂ පොලි අනුපාතය 2015 අයවැයෙන් හදුන්වා දෙනු ලැබූ අතර 2015-03-13 දින සිට ක්‍රියාත්මක විය. 2015 අයවැය ලේඛනය අනුව ජ්‍යෙෂ්ඨපුරවැසියන්ගේ දස ලක්ෂය දක්වා වන තැන්පතු සදහා මෙම විශේෂ පොලිය ගෙවනු ලැබිය.2018 අයවැය ලේඛනය මගින් එම තැන්පතු උපරිම මුදල ලක්ෂ 15 දක්වා වැඩි කරනු ;ලැබිය.

එමෙන්ම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ගිණුම් වලින් ලබන ලක්ෂ 15 ක පොලී ඉපයීම රඳවා තබා ගැනීමේ බද්දෙන් නිදහස් කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *